IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


හපන් පැදුරේ සිටි පුංචි නිවේදිකාව ටනාකා

20160324-ent-24

20160324-ent-26කුඩා කලදී 'හපන් පැදුරේ' නිවේදිකාවක ලෙස ඔබ හඳුනාගත් ඇය මේ දිනවලදී වැඩි වශයෙන් දායකත්වය ලබාදෙන්නේ හඬ කැවීමටය. Boys over flowers හි 'ගුං ජැන්දි'ගේ චරිතයට හඬ කැවීමෙන්ද දායක වූ ඇය විශාරද ටනාකා තාරකීය.

අපත් සමග අදහස් දැක්වූ ටනාකා තාරකී,

"මේ දිනවල melody of love part 2 හි හඬකැවීමෙන් දායක වෙනවා. එය අප්‍රේල් මස 2 දා සිට විකාශය වෙනවා. ඒ වගේම අධිරජ ධර්මාශෝක නාට්‍යයට හඬකැවීමෙන් දායක වෙනවා. හිරු නාලිකාවේ ඇරෝ ටෙලිනාට්‍යයේ තියා කුවීන් කියන චරිතයට හඬ කැවීමෙන් දායක වෙනවා. ඒ වගේම සිරස එෆ්.එම්. ඔස්සේ විකාශය වන මං ආදරේ ගුවන් විදුලි නාට්‍යයේ මියැසිගේ චරිතයට දායක වෙනවා."

"ඒ වගේම මගේ ගීත නිර්මාණ ගැන කතා කළොත් මෑතකදීම මම 'ඇතුල්වීම තහනම්' නමින් අලුත් ගීතයක් එළිදැක්වුවා. එය රචනා කළේ මාධව හේවාවසම්, එය සංගීතවත් කළෙත් ඔහු විසින්මයි. ඒ වගේම 'වෙන දෑතක් සොයා' නමින් ගීත රූප රචනාවක් කළා. එය ළඟදීම එළිදැක්වෙයි. එහි පද රචනය චතුක මධුකරගෙන් සංගීතය සජිත් රාජපක්ෂගෙන්. Sumeet one music center මත්තේගොඩ හා පන්නිපිටියේ පවත්වන සංගීත පන්තිය මගින් කුඩා ළමයින්ගේ ගීත එකතුවක් ඇතුළත් සංයුක්ත තැටියක් එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදීත් හොඳ ගුණාත්මක ගී නිර්මාණයක් ඉදිරිපත් කරන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා."

 

නිදුක් මධුෂික


20160324-ent-25



අදහස් (0)

හපන් පැදුරේ සිටි පුංචි නිවේදිකාව ටනාකා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site