IMG-LOGO

2025 අගෝස්තු මස 01 වන සිකුරාදා


හොඳ නිරූපිකාවක් වෙන්න කටයුතු කරනවා

2016-10-12-ent-38

තවමත් නව යොවුන් වියේ පසුවන ඇය උසස් පෙළ ප්‍රතිඵල අපේක්‍ෂාවෙන් සිටින්නීය. විනෝදාංශයක් ලෙස නිරූපණයට එක්වී ඇති ඇය නමින් ටස්ලා ලිසාරි සේනාධීරය. නිරූපණයට පැමිණීම හා ඇගේ කලා තොරතුරු පැවසීමට අපි මෙලෙසින් එක්කර ගත්තෙමු.

 

ඔබේ නම කිව්වොත්?

2016-10-12-ent-39ටස්ලා ලිසාරි සේනාධීර

 

තාම ඉගෙන ගන්නවාද? රැකියාවක් කරනවාද?

තවම ඉගෙන ගන්නවා.

 

ඒ කියන්නේ පාසල් යනවාද? නැත්නම් විශ්වවිද්‍යාල සිසුවියක්ද?

උසස් පෙළ ප්‍රතිඵල එනකං බලං ඉන්නවා.

 

එතකොට නිරූපණය කරන්නේ?

නිරූපණය කරන්නේ මං ඒ ක්ෂේත්‍රයට ආස නිසයි.

 

ඒ කියන්නේ විනෝදාංශයක් විදිහට?

ඔව්, විනෝදාංශයක් විදිහටයි.

 

ඒ කියන්නේ කාලයක් ගියහම නිරූපණයෙන් ඈත් වෙනවාද?

අයින් වෙන්න බලාපොරොත්තුවක් නැහැ. හොඳ අවස්ථාවක් හම්බ වුණොත් හොඳ නිරූපිකාවක් වෙන්න බලනවා.

 

එතකොට රැකියාවක් ලෙස බලාපොරොත්තු වෙන්නේ?

මම දැනට සංචාරක ව්‍යාපාරය පිළිබඳව පාඨමාලාවක් හදාරනවා. මම රැකියාවක් ලෙස සංචාරක ව්‍යාපාරයක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

 

නිරූපණයට එකතු වෙලා කොච්චර කාලයක් වෙනවාද?

මම නිරූපණයට සම්බන්ධ වෙලා මාස 04ක් වගේ වෙනවා.

 

මේ ෆීල්ඩ් එක හොඳයි කියලා හිතනවාද?

නරකයි කියලා දෙයක් නැහැ. අපි හොඳට හිටියොත් මොන ක්ෂේත්‍රයත් හොඳයි.

 

ඉදිරි බලාපොරොත්තු කිව්වොත්?

පැජන්ට් එකකට ඉල්ලුම් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉස්සරහට මියුසික් වීඩියෝ දෙකක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

 

කවුරුහරි මතක් කරන්න පිරිසක් ඉන්නවාද?

මං මුලින්ම මේ ක්ෂේත්‍රයට ආවේ ජානක බෝපිටිය අංකල් නිසා. එයාව මතක් කරනවා වගේම, මගේ අම්මා තාත්තා මාත් එක්ක මේ දේවල්වලට යන්න එන්න එනවා. ඒ අයවත් මතක් කරනවා. ඒ වගේම මට උදවු කරපු හැමෝටම ස්තූති කරනවා. ඒ වගේම ඔයාලටත් ස්තූති කරනවා මේ වගේ අවස්ථාවක් ලබාදුන්නට.

 

2016-10-12-ent-41



අදහස් (0)

හොඳ නිරූපිකාවක් වෙන්න කටයුතු කරනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 118 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 272 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 621 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site