IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


හොඳම පියුන් මහතා යළි කළුන්දෑවෙන්

139 වැනි ලෝක තැපැල් දිනය සැමරීම වෙනුවෙන් දීප ව්‍යාප්තව පැවැත්වූ කාර්යක්ෂම තැපැල්කරු තේරීමේ තරඟයෙන් පළමු තැන දඹුල්ල කළුන්දෑව උප තැපැල් කාර්යාලයයේ තැපැල්කරු එස් සුනිල් ද සිල්වා ජයසේකර මහතාට හිමි විය.

පසුගිය වසරේ ද හොද තැපැල්කරුට හිමි සම්මානය දිනා ගත්තේ ඔහුය.

 

 



අදහස් (0)

හොඳම පියුන් මහතා යළි කළුන්දෑවෙන්

වසන්ත Sunday, 13 October 2013 03:28 AM

පිටිගල මිලානෝ මහත්තයා කියන්නේ මම හිතන විදියට ඉතාලියේ ඉන්න ලියුම් බෙදන අය ගැන නොවෙයි. මම හිතන්නේ වෙන මොකක් හෝ රැකියාවක් කරන කෙනෙක් වෙන්න ඇති (නි)

:       0       0

රාමා Friday, 11 October 2013 06:51 PM

ඇත්තටම හොඳ වැඩක්, මේ වගේ හොඳම අය තෝරලා වටිනා යමක් දෙන එක. කවුරුත් උනන්දුවෙන් වැඩ කරාවි. එක් කෙනෙක් නම් තෝරලා වැඩක් නැහැ. අඩු ගානේ දිස්ත්‍රික්කයකට 10 ක් විතර දෙන්න ඕනෑ (නි)

:       0       0

පද්මසිරි Sunday, 13 October 2013 05:20 AM

උණුසුම් ප්‍රතිචාර.බොහොම හොඳයි.ළඟදීම උසස්වීමක් දෙන්න ඇමති මහත්තයෝ. (නි)

:       0       0

චන්දසිරි Friday, 11 October 2013 07:13 PM

පාන්දරින් ලියුම් මාමා ලියුම් ගන්නාවා (අ)

:       0       0

සමන්ති Sunday, 13 October 2013 06:14 AM

ආසියානු රටක තැපැල් අංශයේ අයෙක් රටේ ඉහළම තනතුරක් ගත්ත‍ා. ඔබටත් ඉහළ තනතුරක් ලැබේවා! (නි)

:       0       0

සාන්ත Friday, 11 October 2013 07:42 PM

අපේ ගමෙත් හිටිය කලක් පියුන් කෙණක් ලිපි ටික කිසිප්පෝ ගෙදර (අ)

:       0       0

සිරිල් Saturday, 12 October 2013 07:47 AM

මෙවැනි පුද්ගලයන් රටට ආදර්ශයක් (නි)

:       0       0

උපාලි Friday, 11 October 2013 02:19 PM

මොනවා! ගිය වසරේත් හොඳම තැපැල්කරු. තවමත් තැපැල්කරු. ඇයි මෙයාට උසස්වීමක් දෙන්නේ නැත්තේ? වැඩි දෙනෙකුට සිද්දවෙනවා වගේ ඉහලට යනකොට නරක්වෙයි කියල බයටද? මට නම් පේන්නේ ඉතාම නිහතමානී මනුස්සයෙක්. දැන්වත් මෙයාව ඉහලට දාන්න. (ත)

:       0       0

රංජිත් සිල්වා Friday, 11 October 2013 02:44 PM

කෝ මේ මැති ඇමතිවරු සහ අලුත් කට්ටිය? (දිල්)

:       0       0

බී.එම්.එස් බස්නායක Friday, 11 October 2013 02:52 PM

අපිට හරි ආඩම්බරයි. අපේ කෙනෙක්නේ. අනික දඹුල්ලටනේ. (නි)

:       0       0

වන්නි තිලක් Friday, 11 October 2013 02:59 PM

කොහොමද උපාලි මහත්මයා මෙයාට උසස්වීමක් දෙන්නේ. එතකොට පාලකයන්ගේ නෑදෑයින්ට දෙන්නේ මොනවද. ඔන්නොහේ ඊළඟ පාරත් මෙයාට මේ වගේ සීනි බෝලයක් දීල බර කරත්තෙට බඳිමු. (ස)

:       0       0

සෙනවිරත්න Friday, 11 October 2013 03:19 PM

සුභ පැතුම් (දිල්)

:       0       0

මිනිපෙ Saturday, 12 October 2013 09:49 AM

ඔන්න මිනිස්සු, දෙන්න හොද අත්පොළසන් නාදයක්. (නි)

:       0       0

වජිර Friday, 11 October 2013 03:40 PM

දෙවියනේ ඔය ලී කෑල්ලකින් හදපු සම්මානෙන් ඇති වැඩේ මොකක්ද? දෙන්නකෝ සල්ලි ටිකක් ජීවිතේ ගොඩ දාගන්න. (ස)

:       0       0

තාරක Friday, 11 October 2013 03:41 PM

උසස්වීම් නැත්තේ මෙතුමා කාටවත් කඩේ යන්නේ නැතිව, රාජකාරිය විතරක් කරනවා ඇති !! ඔබට අපේ සුබ පැතුම්!!(දිල්)

:       0       0

ගමඇති Friday, 11 October 2013 10:21 PM

හොඳම පියුන් මහතා තෝරාගන්න ක්‍රමවේදයක් පළකළා නම් තවත් වටිනවා (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 11 October 2013 04:15 PM

වාසනාවන්තම පියුම් මාමලා ඉන්න රටක් තමයි ඉතාලිය. දහවල් එක පමණ වන තෙක් වැඩ කරන මොවුන්ට රුපියල් ලක්ෂ හයකට අධික මුදලක් මසකට ලැබෙනවා. තමාගෙන් පසුව කැමති නම් තම දරුවාව මෙම පදවියට බඳවන්නද ඔවුන්ට පුළුවන් මොවුන් ඉතා මිත්‍රශීලී සේවකයන් කොටසකි. (ස)

:       0       0

ජයසේකර Friday, 11 October 2013 04:55 PM

සවස 3 වෙනකන් ලිපිබෙදන පියුම් මහත්වරුත් ලංකාවේ ඉන්නවා පඩිය නම් අඩුයි උසස් වීමක් නැති වුණත් ඔහු තෘප්තිමත් සේවකයෙක් මහජනයාට සේවයකරන්න් උසස්වීමක්ම අවශ්‍යද අනෙක් අය මොනව හිතුවත් ඔහු එහෙම හිතන්නේ නැතිබව පේනවා ඔබ දෙපළට ආඩම්බරයක් (අ)

:       0       0

ලේක්කෝ ගලබඩ Friday, 11 October 2013 05:05 PM

අපේ කාලයේ නම් පෙම්වතුන්ගේ හොඳම මිතුරා පියුම් මාමාය. පියකරු යුවතියන් අම්මාට හොරෙන් ජනේලයේ එල්ලී උදේ සිට බලා ඉන්නේ පියුම් මාමා එනතෙක්ය. සියලු බාධක ජයගෙන යුග දිවියට පිවිසෙන දින කීයෙන් කීදෙනාද පියුම් මාමට අරාධනා පත්‍රයක් යැව්වේ? අද කාලයේ නම් ජංගම දුරකතනයෙන් සහ ෆේස්බුක් එකෙන් ඔහුගේ කාර්ය වේගයෙන් සිදුවුණත් එහි කිසිම රසයක් නැත. (නි)

:       0       0

දිසා Saturday, 12 October 2013 09:58 PM

ජනතාවට සේවය කරන්න ඇමතිවරු මන්ත්‍රී වරු වෙන්න ඕන නම් මෙන්න හොදම උදාහරනයක් (අ)

:       0       0

ජයසේකර Friday, 11 October 2013 05:06 PM

සවස 3 වෙනකන් ලිපිබෙදන පියුම් මහත්වරුත් ලංකාවේ ඉන්නවා. පඩිය නම් අඩුයි. උසස්වීමක් නැති වුණත් ඔහු තෘප්තිමත් සේවකයෙක්. මහජනයාට සේවය කරන්න උසස්වීමක්ම අවශ්‍යද? අනෙක් අය මොනවා හිතුවත් ඔහු එහෙම හිතන්නේ නැතිබව පෙනෙනවා. ඔබ තැපැල් දෙපාර්තමේන්තුවට ආඩම්බරයක්! (නි)

:       0       0

පද්මිණි Friday, 11 October 2013 05:20 PM

සන්තුෂ්ටි පරමං ධනං කිව්වනේ. මුහුණෙන්ම පේනවා ධනයට වඩා සේවයෙන් තෘප්තිමත් වුණ අයෙක් බව. ඔබට ජය!! (නි)

:       0       0

මර්වින් Friday, 11 October 2013 06:38 PM

මට ටිකක් පැහැදිලි නැහැ වගෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site