IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


හොඳම ආයතන අතර රන් සම්මානය අගමැති කාර්යාලයට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)


ඉහළ කාර්ය සාධනයක් පසුගිය 2020 වර්ෂයේ සහ 2019 වර්ෂයේ පෙන්නූ රාජ්‍ය ආයතන අතර පළමු තැනට පත්ව ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්යාලයයි.

එම කාර්‍යාලයට ඒ වෙනුවෙන් රන් සම්මානය හිමිවී ඇත.

ඊට පසු 2020 වර්ෂයේ හොඳම කාර්ය සාධනය වෙනුවෙන් දෙවෙනි  රන් සම්මානය දිනාගෙන ඇත්තේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවයි.  ඊට පසුව රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව, මධ්‍යම පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කාර්යාලය, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යාංශය, උතුරු පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, උතුරු පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, උතුරු පළාත් කාන්තා කටයුතු අමාත්‍යාංශය, උතුරු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කාර්යාලය( මූල්‍ය) සබරගමු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කාර්යාලය (සැලසුම්) සබරගමු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කාර්යාලය( මූල්‍ය කළමනාකරණ) වයඹ පළාත් අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව, උතුරු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කාර්යාලය (ඉංජිනේරු) දකුණු පළාත් අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව සහ  උතුරු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කාර්යාලය (සැලසුම්) එම වර්ෂයේ පිළිවෙලින්  රන් සම්මාන දිනු සෙසු ආයතන වේ.

ඉහළ කාර්ය සාධනය පෙන්වා 2020 වර්ෂයේදී  පළමු රිදී සම්මානය දිනාගෙන ඇත්තේ මුදල් කොමිෂන්  සභාවයි. මිනින්දෝරු දෙපාර්තමේන්තුව දෙවෙනි රිදී සම්මානය දිනාගෙන ඇත.

ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කළ රාජ්‍ය ආයතන 65 ක ට රන් සහ රිදී සම්මානය පිරිනැමීම ජනාධිපති රනිල්  වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී  පෙරේදා (18) සිදුකෙරිණ.

රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ මෙහෙයවීම  යටතේ ඉහළ කාර්ය සාධනය පෙන්නුම් කරන රාජ්‍ය ආයතන මෙලෙස හඳුනා ගනු ලබන්නේ
රජයේ විගණකාධිපතිවරයා විසිනි.

මෙම වැඩපිළිවෙල යටතේ රාජ්‍ය ආයතන 833 ක් පරීක්ෂාවට ලක් කෙරිණ.

 



අදහස් (3)

හොඳම ආයතන අතර රන් සම්මානය අගමැති කාර්යාලයට

Nimal Wednesday, 19 July 2023 09:43 PM

නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ... නැතුව එංගලන්තයෙන් ඇවිත් සම්මාන දුන්නේ නැහැනේ...!

:       0       0

Perera Thursday, 20 July 2023 12:17 AM

උන් උන් අතරින් තෝරගෙන ඔවුනොවුන්ටම සම්මාන දීගෙන ඒවා තවත් දානවා.

:       0       0

බී අමරසිංහ Thursday, 20 July 2023 05:46 AM

විනිශ්චය මණ්ඩලයේ අගමැතිතුමා හිටියේ නැත්නම් කමක් නෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site