IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


හන්තානවත්තේ මට ඉඩමක් ඇති කතාව පට්ටපල් බොරුවක්



(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

රජයට අයිති මහනුවර හන්තාන වත්තෙන් අක්කර 46ක ඉඩමක් දේශපාලන බලපෑම යොදාගෙන  නීති විරෝධීව තමාගේ නමට පවරාගෙන ඇති බවට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී  කළ අසත්‍ය ප්‍රකාශයෙන් තමාගේ මන්ත්‍රී වරප්‍රසාද කඩවී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රීනී  නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (22) ඉල්ලීමක් කළාය.

එම අසත්‍ය කාරණය පදනම් කරගෙන සමාජ මාධ්‍ය ඇතුළු සියලු මාධ්‍යවල සංසරණයවූ පුවත් වලින්ද   තමාට  අපහාසයක් සිදුවූ බව ඇය සඳහන් කළාය.

හන්තානවත්තේ කිසිදු ඉඩමක තමාට හිමිකමක් නැති බවත්  රජයේ ඉඩම් කිසිවක් තමාගේ නමට පවරාගෙන නැති බවත් කිරිඇල්ල මහත්මිය පැවසුවාය.

ඇය මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමිනි.

නීතිඥ  චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය මෙසේද පැවසුවාය.

රජයට අයත් කිසිදු ඉඩමක් මා වෙත පවරාගෙන නොමැත. මන්ත්‍රීවරයෙකු ගැන වැරදි අපහාසාත්මක දෙයක් පළ කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයේ දඬුවම් ලැබිය හැකි වරදක්. එසේම පාර්ලිමේන්තුවේ යම් කාරක සභාවකට  ව්‍යාජ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දඬුවම් ලැබිය හැකි වරදක්. පාර්ලිමේන්තුවේදී හෝ ඉන් පිටතදී නින්දා කිරීම පාර්ලිමේන්තුවෙන්ද දඩුවම්  කළ හැකි වරදකි.  

මට හන්තානේ අයිති නැති ඉඩමක් ගැන කතා කරමින් එවැනි ඉඩමක් තමා දේශපාලන හයිය යොදාගෙන අත්පත් කරගෙන ඇති බවට කෝප් කාරක සභාවේ  කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයක්. එසේම එය මට කළ නින්දාවකි. එමගින් මගේ කීර්ති නාමයට විශාල හානියක්වූ බවද සඳහන් කරමි.  එසේම  පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස  ඉන්  මාගේ වරප්‍රසාද කඩවි ඇත. මාග් ඉල්ලීම පාර්ලිමේන්තු බලතල හා  වරප්‍රසාද කමිටුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමි.   එම ප්‍රකාශ මා බලයට පත්කළ මහනුවර ජනතාවටද කළ  නින්දාවකි.

නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතා

ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීම සඳහා ප්‍රශ්නය අදාල නිලධාරීන්ට ඉදිරිපත් කරනවා.


 

 

 

 



අදහස් (4)

හන්තානවත්තේ මට ඉඩමක් ඇති කතාව පට්ටපල් බොරුවක්

කව්ද බෝයි Tuesday, 22 July 2025 02:31 PM

හරි, ඔයටයි, ඔයාගේ අප්පච්චිටයි, ගෑවිච්ච-නොගෑවිච්ච අයටයි තියෙන ඉඩ-කඩම්, දේපළ ගැනයි, ඒවා උපයාගත් ආකාරය ගැනයි විස්තරයක් මහජනතාවට කියන්නකෝ. එතකොට ඔක්කොම අහවරයිනේ.

:       0       0

Perakum Liyanagama Tuesday, 22 July 2025 02:57 PM

ඔව් ඉතිං කීර්ති නාමයට හානි වෙන හින්දනේ වෙනත් අයගේ නමින් පවරා ගන්නේ. නමට නැති වුණාට භුක්ති විඳින්නේ කවුද කියලා හොයලා බැලුවා නම් හරි...

:       0       0

අප්පො ඇරිකිල්ලේ Tuesday, 22 July 2025 03:44 PM

මිදී කොහේද තිත්ත ,නරි කියයිද ඇත්ත ?

:       0       0

Perera Tuesday, 22 July 2025 05:24 PM

රවී දන්නෙත් නැහැ එයාට සුඛෝපභෝගී මහල් නිවසක් තියෙනවා කියලා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site