IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හීනකන්දේ සුන්දර වන අලිය විදුලි සැර වැදී

(කුෂාන් ජයවර්ධන)

මැදවච්චිය හීනකන්ද  පළාත සුන්දර කළ වන අලියකු විදුලි සැර වද්දවා මරා දමා ඇතැයි කහටගස්දිගිලිය වන සත්ව අඩවි කාර්යාලය කියයි.

මැදවච්චිය හීනකන්ද ප්‍රදේශයේ වගා බිමක තිබීයදී වන අලියාගේ සිරුර සොයාගෙන ඇත.

අදාළ වගා බිම වටා ඉදිකර තිබූ අනවසර විදුලි වැටක ගැටීමෙන්  වන අලියා මෙලෙස මිය ගොස් ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.

විදුලි සැර වැදීමෙන් මිය ගොස් ඇති වන අලියා වයස අවුරුදු 25ක් පමණ වන එකෙකු බවට අනුමාන කෙරේ. වගා බිමේ ඉදිකර තිබූ එම අනවසර විදුලිවැටෙන් සිදුව ඇති විදුලි සැර වැදීමෙන් එම අලියා එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි ද වනජීවී නිලධාරීහු පවසති.

මෙම වන අලියාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අදාල වගබිම වටා අනවසර විදුලි වැට ඉදිකළ බව කියන පුද්ගලයකු වනජීවී නිලධාරීන් විසින් මේ වනවිට සැකපිට ප්‍රන කිරීම සදහා අත්අඩංගුවට  තිබේ. 



අදහස් (1)

හීනකන්දේ සුන්දර වන අලිය විදුලි සැර වැදී

චන්දිම ෆොන්සේකා Wednesday, 27 December 2023 12:23 AM

මේක මහා කරුම කරුමක්කාරයින් ඉන්න රටක්. මොලය තියෙන මිනිස්සු ඉන්න රටක මෙහෙම අලි සම්පතක් තිබුණා නම් ඒක නිවැරැදිව කළමනාකරණය කරලා සතුන්ටත් ජීවත්වෙන්න ඉඩකඩ ලබාදීලා සංචාරකයින් ආකර්ෂණය කරගත හැකි ආකාරයට කටයුතු කරලා විශාල ආදායමක් රටට ලබා ගන්නවා. අපේ කාලකන්නින්ට මොනතරම් සම්පත් තිබුණත්, ලැබුණත් හැමදේම ඒ සම්පත් සාපයක් කරගෙන හැමදාම හිඟාකන්න පුරුදු වෙලා. චික් විතරක් මෙහෙම අවාසනාවක්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 13 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site