IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


හෙද සංගමය නයිටිං ගේල් ප්‍රතිඥාව පසෙකින් තබයි

හෙද සේවයේ නිර්මාතෘ  ‘ෆ්ලොන්ස්  නයිටිං ගේල් ’සමරුව  රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය කොළඹ මහජන පුස්තකාලයේදී අද සැමරිය.

අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ,එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී  ආචාර්ය හර්ෂ ද සිල්වා  යන මහත්වරු  මෙම අවස්ථාවට එක් වු අතර  ඔවුන් දේශනද  පැවැත් වුහ.

රජයේ හෙද නිලධාරින්ගේ  සංගමයේ සභාපති  සමන් රත්නප්‍රිය  මහතා පැවසුයේ ‘නයිටින් ගේල් ප්‍රතිඥාව’මදකට පසෙකින් තබා  ජනතාව වෙනුවෙන්  යහපත් හෙද සේවයක් උදෙසා තමන් සටන් කරන බවයි.ඒ සඳහා අකමැත්තෙන් වුවද  නයිටින්ගේල් ප්‍රතිඥාව ට පිටු පා  වෘත්තිය අයිතීන්  දිනා ගැනීමට සිදු වී ඇති බව ද ඔහු පැවසීය.

 

 

 

 



අදහස් (0)

හෙද සංගමය නයිටිං ගේල් ප්‍රතිඥාව පසෙකින් තබයි

අනුරුද්ද Monday, 12 May 2014 08:19 PM

වෛද්‍යවරු සෞඛ්‍ය කාර්ය සහායකගේ මූලික පඩිය වන රු. 13000 මෙන් 12 ගුණයක මූලික වැටුපක් ඉල්ලනවා. වෛද්‍යවරු පවු! (නි)

:       0       1

ඇසළ Monday, 12 May 2014 02:44 PM

ඔය සේරටම ජිවත් වෙන්න වැටුප් ගෙවන්නේ අහිංසක මහජනහවගේ බදු මුදල් වලින් කියල නොතේරෙන එකයි ප්‍රශ්නේ. (ස)

:       0       0

නාරද Monday, 12 May 2014 02:55 PM

ඔබලාගේ අයිතිවාසිකම් ඇත්නම්, ඒවා දිනා ගැන්මට කරන ක්‍රියාකාරකම් ඉතා ප්‍රශ්නකාරිය.ඒවා දිනාගත්තත් අද මෙන් හෙටත් ඔබලාගේ අති බහුතරය ලෙඩුන්ට කාරුණික නොවන්නේය.(ස)

:       0       0

කුසුම් Monday, 12 May 2014 03:42 PM

මට දැනිලා තියන විදිහට නම් හෙද සේවයේ නියුතු වුවන් ඔය නයිටින්ගේල් ප්‍රතිඥාව ට පිටුපාල එය පසෙකින් තබල තියෙන්නේ, හෙද වාත්තිය පටන් ගත්ත දිනමයි. නැතිනම් හෙදියන් අතරින් බහුතරය රෝගීන්ට මේ විදිහට අකාරුණික ලෙස සලකයිද? සුතිකා පුහුණුව කෙසේ වෙතත් රෝගීන්ට කාරුණික වීමේ පුහුණුවක අවශ්‍ය තාවයක් නම් තිබෙනවා. (ස)

:       0       0

රවි Monday, 12 May 2014 04:22 PM

ඒ උතුම් කාන්තාවට අගෞරව කරන්නෙපා.(ස)

:       0       0

සත්‍යපාල Monday, 12 May 2014 04:46 PM

හෙදියන් පමණක් නොවෙයි වෛද්‍යවරුන් ,දුම්රිය රියදුරන් බස් කොන්දොස්තරවරුන් පොලිස් නිලදාරීන් වගේ හැමෝටම වැටුප් ගෙවන්නේ මහජන බදු මුදල් වලින්, එත් ඒ කාටවත් තේරෙන්නේ නැහැ එක. එක හේතුව අපේ මිනිස්සුන්න්ගේ නොදන්නාකම සහ අවීන්සිකම. හැමෝම ඉස්සරහ දෙකට තුනට නැමිලා බයාදු විදියට කතාකරනකොට ඒ අයට හිතෙනවා ඇති එයාල මහජන සේවකයෝ නොවෙයි අයිතිකාරයෝ කියල (අ)

:       0       0

චාමික Monday, 12 May 2014 05:16 PM

නයිටින්ගේල් ප්‍රතිඥාව නැතුවද ජනතාව වෙනුවෙන් යහපත් හෙද සේවයක් උදෙසා සටන් කරනවාද? අකුරු නැතුව වචන හදන්නද බලන්නේ? (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 12 May 2014 05:34 PM

අම්මා තාත්තා අදුනන්නේ නැති, ආගමක් දහමක් දන්නේ නැති,රෝම කූප පවා රතුයි කියලා හිතන බංකොලොත් දේශපාලනයේ ඉත්තන් වන වෘත්තිය සමිති මේ වෘත්තිය තුළට රිංගා ගත්තට පස්සේ මෙයාලා නයිටිංගේල් ප්‍රතිඥාවට පයින් ගහලා ෂර්ලොක් ප්‍රතිඥාව අදහන්න ගත්තා.අද මෙයාලගේ ආගම දහම වෙලා තියෙන්නේ ඒක.අද රෝහලක හෙදියන්ගේ හැසිඳටම පැහැදිලියි කට්ටියට රෝගීන් කියන්නේ ලොකු හිසරදයක් කරදරයක් කියලා.ඔහොම යමු ඔහොම යමු මහත්තයෝ.අහිංසක රෝගීන්ගේ ශාපය බොහොම බලගතුයි. (නි)

:       0       0

නිශාන්ත Tuesday, 13 May 2014 12:30 PM

පුදුම වෙන්න දෙයක් නැහැ. මගේ අම්මාත් හෙදියක්. 88-89 කාලයේ අම්මලා පොලිස් ආරක්‍ෂාව මැද්දෙ තමයි ගෙදර ඉඳලා වැඩට ගියේ. (නි)

:       0       0

නයිටින් Tuesday, 13 May 2014 01:43 PM

කොහොමද දන්නේ නැහැ සමරුවේ.(නදී)

:       0       0

ගීතා Monday, 12 May 2014 06:48 PM

මේ හැමදේටම යටින් තියන හේතුව තමයි යටිකූට්ටු ගිනි තැබීම්. ලෝකයේ දියුණු රටවල සුව සේවය තුල සිටින සියලුම මට්ටම් වල සේවකයන්ට තියෙන්නේ සමාන සැළකිලි. වැටුප් විෂමතා නැහැ. මම දොස්තර ,මම හෙදිය කියලා වෙනසක් නැහැ. හැමෝම රෝගියා වෙනුවෙන් සේවය කරනවා.ලංකාවේ තිබෙන මේ ප්‍රශ්නයට විසඳුම නම් හෙද සේවය විශ්ව විද්‍යාලයකට අනුබද්ධ කරන්න. බොහෝ දෙනාගේ හීනමානය මෙමඟින් තුරන් වේවි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1051 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site