IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


හදිසි නීතිය බල රහිත කරන්නැයි ඉල්ලූ පෙත්සම විභාගයට අවසර

(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇති හදිසි අවස්ථා රෙගුලාසි බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු තිදෙනෙකු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) අවසර ලබා දුන්නේය.

මෙම රෙගුලාසි අඩංගු කරුණු පිළිබඳ සලකා බැලීම සඳහා සතියක කාලයක් නීතිපතිවරයාට ලබාදීමටද ලබාදීමටද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

මෙම පෙත්සම් විජිත් මළල්ගොඩ, අචල වෙන්ගප්පුලි සහ  මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.

පෙත්සම්කරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේ මෙම හදිසි අවස්ථා රෙගුලාසි මගින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන බවත් යම් අයකු හදිසි අවස්ථා රෙගුලාසි යටතේ රඳවා තබා ගෙන සිටින විට ත්‍රිවිධ හමුදාවට ඔහු රැගෙන ගොස් සතියක කාලයක් රඳවා තබා ගැනීමට බලයක් ලැබෙන බවත්ය .

එමෙන්ම යමෙකු අත්අඩංගුවට ගෙන පොලිසියට පැය හතළිස් දෙකක කාලයක් රඳවා තබා ගැනීමට අත්තනෝමතික ලෙසින් බලයක් ලැබෙන බවද නීතිඥවරුන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළහ.

නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රජු රජීව ගුණතිලක මහතා ප්‍රකාශ කර සිටියේ පෙත්සම්කරුවන් කියා සිටින්නේ තනි පුද්ගලයකුගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් නොව සමස්ත පුද්ගලයන් සම්බන්ධයෙන් බවත්  මේ වන විට සිය දෙනෙකුට අධික සංඛ්‍යාවක් අත් අඩංගුවට ගෙන ඇති නමුත් කිසිදු අයෙකු මෙම අධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් හෝ ඉදිරිපත් කර නොමැති බවත් ය 

එබැවින් මෙම හදිසි නීති රෙගුලාසි නීතියට අනුකූල බැවින් මෙම පෙත්සම් ඉවත දමන ලෙසට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය නිලිය 

ඉදිරිපත්වූ දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම් 3 විභාගයට ගැනීමට අවසර ලබා දුන්නේය.



අදහස් (0)

හදිසි නීතිය බල රහිත කරන්නැයි ඉල්ලූ පෙත්සම විභාගයට අවසර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site