IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


හදිසියේ ලෙඩ වූ සිඟිත්තිය මරුට

(ඩයනා උදයංගනී සහ සමන් පාලිත නානායක්කාර)

හදිසියේ රොගී වූ දින දෙකක් වයසැති බිළිඳියක ඉන්ධන ගැටළුව හේතුවෙන්  රෝහල්ගත කිරීමට ප්‍රමාද වීම නිසා මියගොස් ඇතැයි හදිසි මරණ පරීක්ෂණයේදි තහවුරු වූ බව දියතලාව හදිසි මරණ පරීක්ෂක ඩී. එම්. දිසානායක මහතා පවසයි.

මෙසේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ හල්දුම්මුල්ල සොරගුනේ රදාකඳුරේ බිළිඳියකය.

ප්‍රමාණවත්ව කිරි උරා නොබීම හේතුවෙන් සිරුර කහ පාට ගැන්වීම නිසා දරුවා රෝහල්ගත කිරීමට පියා තීරෝද රථයක් සෙව්වද ඉන්ධන හිඟය නිසා ත්‍රී රෝද රථයක් සොයාගැනීමට අපහසු වී ඇත. මේ නිසා බිළිදිය රෝහල්ගත කිරීමට පැයකට අධික කාලයක් ප්‍රමාද වූ බව හදිසි මරණ පරීක්ෂණයේදී සාක්කි දෙමින් පියා පවසා ඇත.

ප්‍රමාණවත් කාලයක් තිබියදී රෝහල්ගත කෙරේ නම් දරුවා බේරාගත හැකිව තිබූ බව පියාට වෛද්‍යවරු පවසා තිබේ.

පෙට්‍රල් ලීටරයක් සොයා ගැනීමට නොහැකිව වීම නිසා දියණිය මිය ගිය බවට පියා සාක්ෂි ලබාදී තිබේ.



අදහස් (11)

හදිසියේ ලෙඩ වූ සිඟිත්තිය මරුට

mahi Sunday, 22 May 2022 10:09 PM

සාපවේවා දේශපාලක හැතිකරේටම..!!!

:       0       0

Rohana Sunday, 22 May 2022 10:20 PM

තෙල්ටික හරියට සපයන්න බැරි කාලකණ්ණි ඉන්න රටක මෙවැනි දුක්මුසු පුවත් අසන්න ලැබීමත් දුකක්...!

:       0       4

ජගත් ලියනගේ Sunday, 22 May 2022 10:39 PM

හරිම සංවේදී පුවතක්... වෛද්‍යවරයා ලියන ලද ට්විටර් සටහනේ අවසාන කොටස කියවන ඕනෑම කෙනෙකුට කඳුළු එනවා නොඅනුමානයි.

:       0       4

Karl Sunday, 22 May 2022 10:42 PM

නිවන් සුව ලැබේවා .... මෙවන් රටක යලි නූපදීවා...!!! 

:       0       4

මහසෙන් Sunday, 22 May 2022 11:14 PM

කාලකණ්ණින්ගේ පව ගෙවෙන්නේ නොදරුවන් මතින්...

:       0       5

Prasheen Monday, 23 May 2022 04:54 AM

සාපවෙනවා මේ රට මේ තත්වයට පත්කරපු හැමෝටම...!

:       0       5

Anura Monday, 23 May 2022 08:22 AM

රටේ තත්වය ඉතා අසාධ්‍යයි. රෝහල් වල බෙහෙත් නැතිව කීදෙනෙක් මරණයට කැපවෙලා ඉන්නවාද? ඒත් අපිට මේ දවස්වල පැය 24 ම රූපවාහිනියේ පෙන්වන්නේ රටේ මේ තත්වෙට වගකිවයුතු දේශපාලුවන් තමන්ගේ විනාශ වුණු ගෙවල් බලන්න ගිහින් නාහෙන් අඬන එක විතරයි.

:       0       6

jayath Monday, 23 May 2022 10:11 AM

මේ කාලකන්නි දේශපාලකයින්ට සාපවෙන්න ඕන... මේ ඉන්ධන සහ ගෑස් ප්‍රශ්නයට... නමුත් මෙතන මේ බිළිඳු මරණයට පෙට්‍රල් ප්‍රශ්නේ කෙලින්ම සම්බන්ධයක් නැහැ කියලයි මට හිතෙන්නේ 1) මේ වගේ තත්වයක ඉන්න බිළිඳෙක් රෝහලෙන් ගෙදර යැව්වේ ඇයි? 2) පෙට්‍රල් නැතිබව හොඳින්ම දන්නවා නොවැ ඔය දියතලාව පැත්තේ නෙමෙයි... ලංකාවේ ඕනතැනක් ඔය තත්වයේ ඉන්න අම්මා කෙනෙක් දරුවත් එක්ක පාරට ආවා නම් වාහනයක් නොනවත්වා ඉන්න තරම් තිරිසන්නු තාම මේ රටේ නැහැ කියලා හිතනවා... මේ මට හිතෙන හැටි...!

:       5       39

Saku Monday, 23 May 2022 11:38 AM

මේ පණ්ඩිත වදන් මුහුණු පොතට හොඳයි. හැමදේම කරන්නේ දේශපාලුවන් නම් දොස්තරලා මොකටද? එවන පෙට්‍රල් ටික හංගන්නේ දේශපාලුවන් නොවේ. සිමෙන්ති හංගන්නේ දේශපාලුවන් නොවේ...

:       10       19

ana Monday, 23 May 2022 01:04 PM

මෙවැනි අවස්ථාවක කළයුතු මූලික ප්‍රථමාධාර ගැන නොදැනීම... අපේ රටේ අධ්‍යාපනයේ ද වරදක් ඇති බව මට සිතේ...

:       4       7

sharm warn Wednesday, 25 May 2022 10:43 AM

මේ එක දරුවෙක් විතරයි. ඉදිරියේදී මේ වගේ තවත් දේවල් සිදුවෙන්න පුළුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

රම්බොඩ බස් අනතුරින් තුවාල ලැබූ තවත් අයෙක් මරුට
2025 මැයි මස 14 328 0

කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ඉකුත් 11 වන දින සිදු වු බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්


යාපනය නගර බිල්ඩිමට සල්ලි කාලා
2025 මැයි මස 14 156 0

යාපනය නගර සභා ගොඩනැගිල්ල නැවත ගොඩනැගීමේ කටයුතුවලදී මූල්‍ය අවභාවිතයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.


ලූලා ද සිල්වා චීන ජනාධිපති හමුවෙයි
2025 මැයි මස 14 101 0

බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ


කොටහේනේ දැරියගේ මරණය ගැන ළමා අධිකාරියේ පරීක්ෂණයක්
2025 මැයි මස 14 203 1

කොටහේන දැරියගේ මරණය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියද වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇත.


ට්‍රම්ප් ට සැප ගුවන් යානයක්
2025 මැයි මස 14 1205 0

සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්


සිරියාවට පැනවූ සියලුම සම්බාධක ඉවත් කරනවා
2025 මැයි මස 14 611 0

සිරියානු නව අන්තර්වාර රජයට සහාය පළ කරමින්, ඇමෙරිකාව විසින් එරටට පැනවූ සියලු සම්බාධක ඉවත් කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය. ට්‍රම්ප් මෙසේ පැවැ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1343 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1566 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 409 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site