කොළඹ ජාතික රෝහලේ රක්තවාත සහ පුනරුත්ථාපන අංශයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරි වෛද්‍ය - හිමන්ත අතුකෝරල
හදවත් ආබාධ ගැන අප තුළ ඇත්තේ විශාල බියක් යැයි කිවහොත් එය නිවැරදිය. ඇතැම් විට මරණය පවා ළඟා කර දෙන හදවත් ආබාධ සහ හදවත් කිරීටක ධමනිවල අවහිරතා වළක්වා ගැනීමට සරල ක‍්‍රමවේද පහක් විස්තර කරදීම මෙම ලිපියේ අරමණයි.
1. හදවතට හිතකර කෑම වේලක්
රිසි පමණින් විවිධාකාරයේ කෑම වේල් ගැනීමට සමහරු පුරුදු වී සිටිති. එහෙත් ඇතැම් ආහාර රටා හදවතට අහිතකර බව ඔබ දන්නවාද?
ට‍්‍රාන්ස් ෆැට් සහ හයිඩ්‍රොජිනේටඩ් ඔයිල් නමැති මේද සහ තෙල්වලින් හදවත් ආබාධ වැඩිවන බව සොයාගෙන ඇත. මේවා අඩංගු මාජරින්, තෙලෙන් බැඳගත් මාංශ වර්ග හැකි පමණ කෑම වේලෙන් ඉවත් කර ගැනීම යෝග්‍ය වේ.
සීනි අධික ලෙස ඇති කේක්, බිස්කට් වර්ග ආහාරයට නොගන්න. තන්තු වර්ග අධික ධාන්‍ය, රනිල කුලයේ එළවළු (බෝංචි, මෑකරල්, දඹළ) වැනි දේ ආහාරයට ගන්න. ඔලිව් තෙල් සහ සුදුළූණු වලින් කොලෙස්ටරෝල් ප‍්‍රමාණය අඩුවන බව සොයාගෙන තිබේ. මෙම ආහාර හැකි තරම් ආහාරයට එකතු කරගන්න.
2. හදවත සුරකින ව්‍යායාම
ව්‍යායාම ගැන මෙහිදී කතා කෙරුණත් හදවතට හිතකර ව්‍යායාම යනු අධික බර එසවීමේ කි‍්‍රයාවලියක් නොවේ. වේගයෙන් ඇවිදීම සහ සෙමින් දිවීම හදවතට ගැලපෙන සෞඛ්‍ය රකින ව්‍යායාම වේ.
දිනකට වරක්වත් විනාඩි 30 ක පමණ කාලයක් ව්‍යායාම කළ යුතුය. මෙලෙස සතියකට දින පහක් ව්‍යායාම කිරීම ප‍්‍රණාවත් වේ. ව්‍යායාම් ආරම්භයේදී ශරීරයට එය නුහුරු දෙයක් විය හැකිය. සෙමෙන් එයට හුරුවීමට ඉඩදිය යුතුය. ව්‍යායාම් වලට පෙර සහ පසු මස් පිඩු දිගහැරීමේ පිළිවෙත් අනුගමනය කළ යුතුය. ව්‍යායාම් කරන අතරතුර හොඳින් ජලය පානය කළ යුතුය. ව්‍යායාම් අතරතුර විවේක ගැනීමද වැදගත්ය.
3. යහපත් ජීවන රටා
දුම්පානය හදවත් රෝගවලට මුලපුරයි. දුම්පානය කරන කෙනකු අසල සිටීම පවා අහිතකර දෙයකි. අප රට තුළ ප‍්‍රසිද්ධ ස්ථානවල දුම්පානය කිරීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදකි. මත්පැන් හදවතට මරු කැඳවයි. හදවතට මත්පැන් හිතකර බවට පැවැති මතිමතාන්තර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉවත දමා ඇත. අධික මානසික වෙහෙස/ආතතිය සහ කෝපය හදවත් රෝග වලට මුලපුරයි. තරුණ වියේදී පටන් සිරුරේ තරබාරු බව අවම කරගත යුතුය.
4. හදවත් පරීක්‍ෂා කරන රුධිර දර්ශක
ප‍්‍රධාන වශයෙන් රුධිරයේ කොලෙස්ටරෝල් ප‍්‍රමාණය සහ සීනි ප‍්‍රමාණය සමතුලිතව තබා ගැනීම හදවත් රෝග අවම කරගැනීමට ඉවහල් වේ. නිරාහාරව සිට ලබා ගන්නා රුධිරයේ කොලෙස්ටරෝල් වාර්තාව මගින් අනාවැකි රැසක් හෙළිවනු ඇත. රුධිරයේ එච්.ඩී.එල්. උපරිම වශයෙනුත් එල්.ඩී.එල්, වී.විල්.ඩී.එල්. ට‍්‍රයිග්ලිසරයිඩ් නමැති කොලෙස්ටරෝල් වර්ග අවම වශයෙනුත් තිබිය යුතුයි. රුධිරයේ සීනි වාර්තාවකින් දියවැඩියාව ඇති/නැති බවට සොයාගත හැක. දියවැඩියාව හදවත් රෝගවලට මුලපුරයි.
5. රුධිර පීඩනය පාලනය කරගැනීම
තරුණ වියේ සිටම නිරතුරුවම තම සිරුරේ රුධිර පීඩනය ගැන දැනගැනීම වැදගත් වේ. විශේෂයෙන්ම තමන්ට ළඟින්ම සිටිනා ඥෘතීන්ට අධික රුධිර පීඩනය ඇත්නම් ඔබට අධික රුධිර පීඩනය සෑදීමේ අවදානමක් පවතින බව දැනගත යුතුය. මාතෘ සායන වලට එන තරුණ මව්වරුන්ට පවා අධික රුධිර පීඩනය පවතින බව අහම්බෙන් දැනගැනීමට සිදුවන්නේ ඔවුන්ගේ ශරීර දර්ශක පරීක්‍ෂා වලට ලක් කෙරෙන බැවිනි. අධික රුධිර පීඩනය හදවතට සෘජුවම බලපාන බවත් එය මනාවට පාලනය කිරීමෙන් හදවත සුරැකෙන බවත් ප‍්‍රකට කරුණකි.
2025 දෙසැම්බර් මස 18
470
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1046
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හදවත් රෝග වළක්වා ගන්නා ක‍්‍රමවේද පහක්
රිතික් රොෂාන් Monday, 16 November 2015 05:43 AM
ලියොන් ඔයාගේ නමේ සනී කියලා කෑල්ලක් නැද්ද? (ම)
ලියොන් ගුනවර්දන Friday, 30 October 2015 05:08 PM
අප සිරුරේ විවිධ අවයව වල අභාද සඳහා ප්‍රතිකාර ලබා සුවකර ගැනීමට පහසු මුත් ජීවිතය ගෙනයාමේ ප්‍රධාන අවයවය වන හදවත ඉතා වැදගත් බැවින් හදවත් රෝග වලට භාජනයවීම වලක්වා ගැනීම සඳහා මේ උපදෙස් ඉතා වැදගත් බැවින් මෙම අගනා උපදෙස් මහජනයාට නොමිලේ ලබාදීමට රාජ්‍ය සහ දානපතින් පියවර ගත්තොත් හොඳ නේද (රේ)