වසර 40ක් වෙනත් අයෙකුගේ නමින් පෙනී සිටිමින් රැකියා කැර විවාහ වී සිටි අයකු බැංකු ගිණුමක් මගින් අල්ලා ගත් බව කෑගල්ල පොලිසිය කියයි. කලගෙඩිහේන හපුගස්තැන්නේ පදිංචිකරුවෙක් 1965-70 කාලයේදී මාවනැල්ල මන්ත‍්‍රී සී.ආර්. බෙලිගම්මන මහතා සොයා ආවේය. ඔහුගේ උප්පැන්න හා අධ්‍යාපන සහතිකවල මුල් පිටපත් නැතිවිය. ඔහු පසුගියදා බැංකුවක් වෙත ආවේය. ඒ බැංකු ගිණුමක් ඇරැඹීමටය. පරිගණකය පිරික්සූ කළමනාකරු කීවේ ඔහුගේ නම වන ”නැලිගමගේ සමරදිවාකර ජයකොඩි” නමින් කෑගල්ල ශාඛාවේ ගිණුමක් ඇති බවය. ඔහු කෑගලූ බැංකුවට ගියේය. එතැනින් පොලිසි ගියේය. නැලිගමගේ සමරදිවාකර ජයකොඩි නම් 70 හැවිරිදි තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබීය. නමුත් ඔහුගේ නියම නම පොලිසිය සතුය. ඔහු පැවසුවේ 1965-70 කාලය අතුරතුරදී තමන්ට මෙම සහතික හමුවූ බවත් එහි උසස් අධ්‍යාපන සුදුසුකම් තිබූ බැවින් 1971 දී එම උප්පැන්න සහතිකය ඉදිරිපත් කර හැඳුනුම්පත හදාගෙන තෙල්දෙණිය ලංගම ඩිපෝවේ රැකියාව ලබාගෙන විවාහ වී එම නම දරුවන්ගේ උප්පැන්නයටද දුන් බවය. කූට ලේඛන සකස් කර ව්‍යාජ පුද්ගලයෙකු ලෙස පෙනී සිටීම වංචා කිරීම යටතේ නඩු පැවරීමට කෑගල්ල පොලිසියේ වංචා විමර්ශන අංශය සැරැසේ.
2025 දෙසැම්බර් මස 18
319
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
204
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හතළිස් වසරක හොරේ බැංකු ගිණුමෙන් අසුවේ
සේනානායක Tuesday, 17 April 2012 10:51 PM
නම් හතරක් පහක් පාවිච්චි කරපු උදවිය රටින් පිටකලා. ලංකාවේ මේ අහිංසකයා හිරේදාන්නද ? ඕවා මොනවද ?
රියාද් ෂෙරීෆ් Wednesday, 18 April 2012 01:10 AM
ලංකාවේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු.
මතීෂ Wednesday, 18 April 2012 01:17 AM
හැම කරදරයක්ම දුප්පතුන්ට තමයි. නම් හතරකින් පෙනී හිටපු කුමාර් ගුනරත්නම් ට බලය තියෙන නිසා කිසි කරදරයක් නැතිව රටින් පිට වුනා.
අමිල පටුනුගමගේ Wednesday, 18 April 2012 07:47 AM
ගිණුම වහලා සල්ලිටික ගන්න තිබුණේ.