ලන්ඩන් නුවර හීත්‍රෝ අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පින්කම උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
අටවිසි බුද්ධ මණ්ඩපයක් සාදා අටවිසි මහා බුද්ධ පූජාවක් පැවැත්විණි. අලංකාර මල් සැරසිළි වලින් මණ්ඩපය වර්ණවත්විය. කප්රුක් පූජාවක් ද පැවැත්විණි.
මෙම පිංකමට එක්සත්රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගි වූහ.
විනයානුකූලව මැසූ සිවුර කඨින පිංකමෙහි ප්‍රධාන දායකත්වය දැරූ අමල් එදිරිසූරිය හා නදීකා එදිරිසූරිය දෙපළගේ නිවසේ සිට දර්ශනීය පෙරහරකින් කඨින චීවරය විහාරයට වැඩමවන කැරැවිණි. සිසුහු ද ඒ පෙරහැරට එක්වූහ. දායකයෝ පෙහෙවස් ද සමාදන් වූහ.
දායක සභාවේ හා තරුණ පිරිසගේ පූර්ණ සහයෝගය සහ ආධාර උපකාර මත විහාරාධිපති වඳුරඹ කස්සප හිමියන්ගේ අනුශාසනා පරිදි 400 කට අධික පිරිසක් එක් වූහ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
හීත්‍රෝ පන්සලේ වස් පින්කම
ශාන් Tuesday, 04 December 2012 01:50 PM
සාදු !! සාදු !! .(ස)