IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


හිතුමතේ පත් කරපු මැතිසබයේ කමිටු රොත්තක් අහෝසියි

(සුජිත් හේවාජුලිගේ )

පසුගිය රජය සමයේදී හිතුමතේ පත් කර ඇතැයි කියන පාර්ලිමේන්තුවේ කමිටු රැසක් අහෝසි කිරීමට හෝ වෙනස් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

මෙලෙස හිතුමතේ  ප්‍රදර්ශනාත්මක අරමුණින් කමිටු පත් කිරීම හේතුවෙන් විශාල මුදලක් නාස්තිවී ඇතැයි  රජයට  පෙනී යාමෙන් පසු මෙම තීරණය ගෙන ඇති බව පැවසේ.

පාර්ලිමේන්තු කමිටු විධිමත් ලෙස පත්කිරීම සම්බන්ධයෙන් කරුණු සමාලෝචනය කර  ඊට අදාළ යෝජනා ජනවාරි 31 වැනිදාට පෙර  ඉදිරිපත් කරන ලෙස පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අදාළ නිලධාරීන්ට දැනටමත්  නියෝග කර ඇත.

මේ අනුව විශේෂයෙන්ම  ආංශික අධීක්ෂණ කාරක සභා සහ පාර්ලිමේන්තු සංසද පිහිටුවීමේ ක්‍රමවේදය ඉතා කඩිනමින්  වෙනස් කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.

එකම සහ සමාන විෂයන් වෙනුවෙන් ආංශික අධීක්ෂණ කාරක සභා කිහිපයක්ම  පත්කර ඇති හෙයින්  සමාන විෂයන් එකම කාරක සභාවක් යටතට පත් කිරීමට අවධානය යොමුව ඇති බව රජයේ ප්‍රකාශකයෙක් පැවසීය.

විශේෂයෙන්ම ආර්ථිකයේ විවිධ අංශවලට අදාළව ආංශික ආංශික අධීක්ෂණ කාරක සභා කිහිපයක්ම පසුගිය කාලයේදී පත් කෙරුණු බවත් මේවා එකම කාරක සභාවක් යටතට ගැනීමට හැකියාව ඇති බවත් ඔහු සඳහන් කළේය.

පසුගිය අරගල සමයෙන් පසු යම් යම් අය පිනවීම සඳහා සමහර අංශික අධීක්ෂණ කාරක සභා කඩිමුඩියේ  පත්කර ඇති බව පෙනී ගොස් ඇතැයිද  එම ප්‍රකාශකයා කීවේය

මේ අතර  පාර්ලිමේන්තු කමිටුවල නිර්දේශ නොපමාව ක්‍රියාත්මක කිරීමට බලය ලැබෙන යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීමටද රජයේ අවධානය යොමු වී ඇත.



අදහස් (4)

හිතුමතේ පත් කරපු මැතිසබයේ කමිටු රොත්තක් අහෝසියි

M විජේරත්න Saturday, 30 November 2024 01:56 PM

ඒ මන්ත්‍රී වරුන් දැන් නැත...

:       0       23

විපරමා Saturday, 30 November 2024 04:37 PM

දූශිත දේශපාලුවන්ගේ ඕනෑකමට පත්කරගත්තු කමිටු මිසක්, වැඩක් වුනේ නැහැ...

:       4       27

ධනා Saturday, 30 November 2024 07:16 PM

රටේ ප්‍රධාන ප්‍රශ්නය ආර්ථිකය බව මේ රජය අමතක කරන බවයි හැඟෙන්නේ...

:       20       9

Kamal Koyrala Sunday, 01 December 2024 05:26 PM

මොන කමිටු පත්කළත් මහජන මුදල් කාබාසිනියා නොකර කාලරාමුවක් දිය යුතුයි... අදාළ ප්‍රශ්න විසඳන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 628 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site