IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


හෙට වර්ජනයට ගැමුණුගේ බස් නෑ

(නිමල කොඩිතුවක්කු)

හෙට(15) දිනයේ සිදුකරන වැඩ වර්ජනයට පෞද්ගලික බස් රථ කිසිදු සහයෝගයක් ලබා නොදෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.

හෙට දිනයේදී ගමනාගමනයට කිසිදු බාධාවක් සිදු නොවන බවත් පාසල්, කාර්යාල ඇතුළු අනිකුත් සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවත් විජේරත්න මහතා පැවසීය. එම සේවා පවත්වාගෙන යාමට බස්රථ ප්‍රමාණවත් නොමැති නම් අතිරේක බස්රථ යෙදවීමට පියවර ගන්නා බවත් ඔහු කීවේය.

වර්ජනයේ නිරත පිරිසට වැටුප් හිමි වුවත් බස් රථ වර්ජනය කළහොත් එම සේවකයන්ට කුසගින්නේ සිටීමට සිදුවන බැවින් එළැඹෙන සිංහල හින්දු අලුත් අවුරුදු සමය දක්වා අඛණ්ඩව බස් රථ සේවාවන් යෙදවීමට කටයුතු කරන බවත් විජේරත්න මහතා පැවසීය.

 



අදහස් (11)

හෙට වර්ජනයට ගැමුණුගේ බස් නෑ

sena Tuesday, 14 March 2023 03:54 PM

ගැමුණුව හොරිකඩය.

:       18       22

Buddika Tuesday, 14 March 2023 04:08 PM

ආ ඇත්තද? එතකොට මිල වැඩි කලාම බස් ගාස්තුව වැඩි කරද්දී එකෙන් මිනිස්සුන්ට සිද්ධ වෙන අමාරුව ඇන හිටිනවද.?

:       3       19

siril Tuesday, 14 March 2023 04:42 PM

ගොන් පණ්ඩිතයෙක් හිතාගෙන ඉන්නේ ලොක්කෙක් කියලා.

:       7       19

Asanga Tuesday, 14 March 2023 04:42 PM

ඔහොමත් කඩේ යන සභාපතියෙක් දැක්කමයි. තමන්ගේ වාසියට වැඩකරන කෙනෙක් මෙයා.

:       6       18

දුසා Tuesday, 14 March 2023 05:10 PM

පෞද්ගලික බසයක අනුමත මගීන් ගනනට වඩා ගෙනිච්චොත් දඩය 250යි. අන්න රෙගුලාසි. හදලා අත්සන් කරලා තියෙන්නේ අතිගරු ඇමටියෙක්.

:       6       14

Chathuri Tuesday, 14 March 2023 05:14 PM

මේ වගෙ උන් ඉන්න නිසා තමයි ගෝබ්බයො උඩ් පනින්නෙ. රට මොනවා වුනත් කමක් නැහැ. මුගෙ බොක්ක පිරෙනවානම්. ඔය බස් එකට වැඩිය ජනතාවගෙ. ඇවිද්ද පය දහසස් වටියි.

:       10       20

Kumara Tuesday, 14 March 2023 06:59 PM

වසලයින් ඕනෙත් නෑ...

:       0       1

චන්දන Tuesday, 14 March 2023 07:12 PM

රනිල්ගෙ කෙනෙක් බව අපි දන්නවා. බස් ගාස්තු අඩු කරපල්ලා. දැන් කී පාරක් ඩීසල් මිල අඩු කළාද? රුපියල් 10කින් මිල වැඩිකළාම රුපියල් 5කින් බස් ගාස්තු වැඩි කරනවා. රුපියල් 50 කින් තෙල්මිල අඩු වුණත් සද්ද නැහැ...

:       0       2

විපරමා Tuesday, 14 March 2023 07:22 PM

බස් ගැමුණුට අයිති ඒවා තමා වැඩිපුරම තියෙන්නේ .බස්වලිනුත් පගාව ගන්නවා කියලයි හුගක් අය කියනේ. මූ අලියගේ නැට්ටේ එල්ලිලා ඉන්නේ ?

:       0       1

Kumara Tuesday, 14 March 2023 11:26 PM

උඹ වගේ කාලකන්නියන්ගෙන් රටට වැඩකුත් නෑ උඹ වගේ රටට ඕනෙත් නෑ

:       0       1

Lal Wednesday, 15 March 2023 06:43 AM

ඉතා හොඳයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 417 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1026 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site