ස්වර්ණවාහිනි නාළිකාව ආරම්භයේදී විකාශය වූ "හාට් බීට්" සංගීතමය වැඩසටහන නැරඹූ ඔබට නිරාෂා ඒකනායක අමතක නොවනු ඇත. වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙස කලා ක්ෂේත්‍රයට එක්වූ නිරාෂා පසුව රංගන ශිල්පිනියක ලෙසද ඔබගේ ආදරය දිනාගත්තේ ස්වර්ණවාහිනී නාළිකාවේම විකාශය වූ "මගේ සඳ ඔබ" ටෙලි නාට්‍යය තුළිනි. දැනට ඇමෙරිකාවේ පදිංචිව සිටින නිරාෂා මේ දිනවල ලංකාවට පැමිණ සිටින්නීය.
"ඔව්, ලංකාවට ආවෙ මගේ දෙවැනි ගීතය නිර්මාණය කරන්න. "හුස්මක් පවා" තමයි ගීතය නම් කරලා තියෙන්නෙ. මේක යුග ගීතයක්. මා සමගින් සිරස සුපර් ස්ටාර් රියැලිටි තරගාවලියෙන් සංගීත ක්ෂේත්‍රයට පිවිසි සංඛ දිනෙත් තමයි මාත් සමග මේ ගීතය ගායනා කරන්නෙ. මේ දවස්වල මෙහි ගීත රූප රචනාවට සූදානම් වෙනවා. ලංකාවෙන් ආපහු යන්න කලින් මෙහි ගීත රූප රචනාවේ වැඩ නිමකරන්න තමයි බලාපොරොත්තුව."
ඇත්තටම, පුංචි කාලේ ඉඳලා මට ලොකු ආසාවක් තිබුණා ගායිකාවක් වෙන්න. නමුත්, ලංකාවෙ හිටිය කාලයේදී මට තිබුණ කාර්ය බහුලත්වයත් එක්ක ගීත ගායනයට යොමු වෙන්න කාලයක් හොයාගන්න බැරි වුණා. මම විවාහ වෙලා ඇමෙරිකාවේ පදිංචියට ගියා. එහිදී තමයි ගීත ගායනයට යොමු වෙන්න අදහසක් ආවේ. මොකද, මට මෙහෙදී වගේ ලොකු කාර්ය බහුලත්වයක් එහිදි තිබුණෙ නැති නිසා. මගේ සැමියා තමයි මාව ඒ පැත්තට යොමු කරන්න ගොඩක් උනන්දු වුණේ."
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
'හාට් බිට්' කරපු නිරාෂා ලංකාවට ඇවිත්