IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


හෙට දවසේ යළි හමුවීමේ බලාපොරොත්තුවෙන් ප්‍රියා නික්ම යයි

(සුජිත් ප්‍රසංග)

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සුරියසේන අද දින සිය දිවිසැරිය නිමකළේය. මියයන විට80 වැනි වියෙහි පසුවූ ප්‍රියා සූරියසේන මහතා ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍ර තුළ නොමැකෙන නමක් තැබූ විශිෂ්ටකම ගායන ශිල්පියෙකි.

"සුහද සොහොයුරෝ" චිත්‍රපටයේ ⁣⁣ඉතා කුඩා කොටසක පෙනී සිටි ඔහු චිත්‍රපට පසුබිම් ගායනයට පිවිසියේ "හරියනකොට ඔහොම තමයි" චිත්‍රපටයෙනි. "සෙලීනගේ වලව්ව", "මල් කැකුළු", "සිකුරු දසාව" සහ "ඈතිත් ඈතට" වැනි චිත්‍රපට කිහිපයකටම ඔහු ගැයූ ගීත එක් වූ අතර ප්‍රවීණ ගායන ශිල්පී මිල්ටන් මල්ලවාරච්චි සමග "ඈතින් ඈතට" චිත්‍රපටයට ගැයූ "කැන්ඳන් යන්නම් රන් මල් මාලා දාලා" ගීතය ඔහුගේ ගායන දිවියේ සුවිශේෂි කඩඉමකි.

"ලිහිණින් රෑන පියාසලන්නේ..", "අඳුර අඳුර මගේ", "හෙට දවසේ අප දෙදෙනා. " ආදාරණීය නේරංජනා" "මට වාසනා.", "මගේ ළමැද සුව යහනක්", "රටකින් එහා.", "ඇසුරින් මිදීලා", "ඈත රන් විමන්, "", මගෙ සමරුම් පොතේ", "හිරු ද මුවාවි.", " සුදු පරෙවි රෑන සේ, "සඳ තාරකා හඬාවි",ගෙලවට බැන්දාවු මුතුපොටේ " වැනි අතිශය ජනප්‍රිය ගීත රැසක් ගායනා කළ එතුමා ප්‍රසංග වේදිකාවේ අමතක කළ නොහැකි මතක ඉතිරිකළ විශිෂ්ටතම ගායන ශිල්පියෙකි.

ලක්ෂිත සූරියසේන ,මිනෝෂි සුරියසේන , ඉරෝෂි සූරියසේන දූ දරුවන්ගේ ආදරණීය පියකු වූ ප්‍රියා තම ගායන හැකියාවන් තම දරුවන්ටද උරුම කරදීම සුවිශේෂිය.

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතාගේ දේහය 25 වැනි දින උදේ 8.30 සිට අංක 154/1 පාසල් මාවත, ගංගොඩවිල, නුගේගොඩ සිය නිවෙසේ තැම්පත්කර තබන අතර 26 වැනිදා සවස 2.00 සිට 5.00 දක්වා ජාතික ගුවන් විදුලි පරිශ්‍රයේ තැබීමෙන් අනතුරුව එදින සවස 6.00 සිට 26 වැනිදින සවස දක්වා දේහය බොරැල්ල ජයරත්න රෙස්පෙක්‍ට් ශාලාවේ තැබෙනු ලැබේ. අවසන් කටයුතු 27 වෙනිදා සවස බොරැල්ල කනත්තේදී සිදු කෙරේ.

 

 



අදහස් (17)

හෙට දවසේ යළි හමුවීමේ බලාපොරොත්තුවෙන් ප්‍රියා නික්ම යයි

RAJ Tuesday, 24 December 2024 11:22 AM

ඔබට නිවන් සුව ලැබේවා

:       0       18

................. Tuesday, 24 December 2024 11:31 AM

එතුමාට ඉක්මන් භවයකදීම උතුම්වූ අජරාමර නිවන්සැප ලැබේවායි පතමි

:       0       21

sena Tuesday, 24 December 2024 11:38 AM

ඔබතුමාට සුබ ගමන්

:       0       16

අරවින්ද මොනරවිල Tuesday, 24 December 2024 11:43 AM

සුබ ගමන් සොදුරු කලාකරුවාණෙනී !

:       0       14

Nuwan Dissanayaka Tuesday, 24 December 2024 12:21 PM

ඔබට නිවන්සුව

:       0       12

සන්ක Tuesday, 24 December 2024 01:15 PM

අප සිත් අමන්දානන්දයට පත්කල සුමිහිරි කටහඩකින් ගැයූ ඒ ගී ගායනා අදටත් මතු අනාගතයටත් අප සිත්සතන් සනසාලන්නට මොනතරම් වින්දනයක්ද...ඔබට නිවන්සුව පතමි.

:       0       19

සුදේශ් මදනායක Tuesday, 24 December 2024 01:23 PM

අජරාමර නිවන් සුව අත් වේවා හිතවත් කලාකරුවාණනී!

:       0       13

Jayasekara Tuesday, 24 December 2024 02:44 PM

නිහතමානී කලාකරුවාණෙනි ඔබට නිවන් සුව ..!!

:       0       13

චින්තක Tuesday, 24 December 2024 02:58 PM

පුරා වසර ගණනාවක් රසික සිත් ආදරබර ගීතයෙන් මුසපත් කල සොදුරු ගායකයාණෙනි ඔබට නිවන් සුව.

:       0       11

Upali Tuesday, 24 December 2024 03:08 PM

සුබ ගමන් ඔබට

:       0       9

පිටරැටියා Tuesday, 24 December 2024 03:34 PM

සූමිහිරි ගීතයෙන් අපව පිනවූ ඔබට අමාමහ නිවන්සුව අත්වේවා !

:       0       10

පිටිගල මිලානෝ Tuesday, 24 December 2024 06:00 PM

සුදු පරෙවි රෑන් සුපුරුදු ලෙස පාසැල් නිමාවී මහ මග ඇදෙන නමුත් අද එතැන ඔබ නොමැත… ලොව අසිරිය අපට කියාදුන් ඔබට නිවන් සුව….!

:       0       0

Anura L S Tuesday, 24 December 2024 06:33 PM

අජරාමර නිවන් සුව අත් වේවා හිතවත් කලාකරුවාණනි...!

:       0       0

සමන් පෙරේරා Tuesday, 24 December 2024 09:07 PM

“නිවන් සුව” කියන උත්තරීතර වචනය පවා කෙලෙසූ රාජ්ය නායකයන් සිටින රටක ජීවත්වෙන ගමන් ඉතාම කණගාටුවෙන් ඔබතුමාට නිවන්සුව පතමි….!!!

:       0       0

de silva Tuesday, 24 December 2024 10:09 PM

පරම්පරා ගණනාවක් ගීතයෙන් නැලවූ කලාකරුවාණෙනි, ඔබට නිවන් සුව...!

:       0       0

ලීලානන්ද Wednesday, 25 December 2024 12:49 AM

මෙවැනි ලයාන්විත, මධුර මනෝහර හඬකින් ගීත ගායනා කළහැකි ගායකයින් නැවත බිහි නොවනු ඇත. සුන්දර ගායකයාණෙනි. ඔබට සුබ ගමන්...

:       0       0

Indika Wednesday, 25 December 2024 12:30 PM

සොඳුරු ගීත රැසක්, සුවිශේෂී කටහඬකින් ගායනා කරමින් රසික සිත් සනසාලු අපේ කාලයේ තවත් එක සොඳුරු කලාකරුවකුගේ සමුගැනීම. ඔබට නිවන් සුව...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 593 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site