IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


හෝටල් සහ අවන්හල්වලට පැමිණෙන අයගෙන් අවම ගාස්තුවක් අයකර ගැනීම තහනම් කෙරෙයි

hotels

 

 

අවන්හල්, කෝපි කඩ සහ හෝටල්වලට යන ගනුදෙනුකරුවන් තවදුරටත් අවම ගාස්තුව හෝ අවම ඇණවුම ගැන කරදර විය යුතු නැත. අවන්හල්, කෝපි කඩ හෝටල්වලට ගනුදෙනුකරුවන්ගෙන් අවම ගාස්තුවක් අයකිරීම තහනම් කිරීමට තීරණය කළ බව ආර්ථික සහ වාණිජ අමාත්‍යාංශය නිවේදනය කිරීම ඊට හේතුවයි.


නව නියමයට අනුව අවන්හල්, කෝපි කඩ හෝටල්වලට යන ගනුදෙනුකරුවන්ට දැන් තම අභිමතය පරිදි කුඩා ඇණවුමක් පවා ලබාදිය හැකිය. වර්තමානයේදී බොහෝ අවන්හල්, කෝපි කඩ හෝටල් තම පරිශ්‍ර වෙත පැමිණෙන ගනුදෙනුකරුවන්ට අවම ඇණවුමක් ලබාදෙන ලෙසට දැනුම්දීමක් කරයි.


මෙලෙස නියම කරනු ලබන අවම පරිභෝජන මට්ටම සමහර අවස්ථාවලදී ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවය ඉක්මවා යන බව ද අමාත්‍යාංශය පවසයි. එය 2008 අංක 8 දරන පාරිභෝගික ආරක්ෂණ පනතේ 10 වගන්තිය උල්ලංඝණය කිරීමකි.


මෙම සිරිත නිසා ගනුදෙනුකරුවන්ට මූල්‍යමය හානියක් සිදුවීමට අමතරව අවම ගාස්තුවක් නියම කිරීමෙන් විශේෂයෙන්ම පමණ ඉක්මවා වියදම් කිරීම වැනි නරක පුරුදු ද ප්‍රවර්ධනය කිරීමක් සිදුවන බව අමාත්‍යාංශය කියයි. පමණ ඉක්මවා වියදම් කිරීම ඉස්ලාම් දහමට පටහැනි පුරුද්දකි.


අමාත්‍යාංශය පවසන ආකාරයට තවත් නරක පුරුද්දක් වනුයේ අවම ගාස්තුවක් ගෙවන ලෙසට ගනුදෙනුකරුවන්ට බල කිරීමෙන් ඔවුන් ආහාර සහ පාන වර්ග වුවමනාවට වැඩියෙන් පරිභෝජනය කිරීමට පෙළඹීමයි. එහි ප්‍රතිඵලයක් ලෙසින් ඔවුන් විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වෙයි.


අවම ගාස්තු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් තම සේවකයන්ව දැනුම්වත් කරන ලෙසට ද අමාත්‍යාංශය සියලුම අවන්හල්, කෝපි කඩ හෝටල්වලට දැනුම් දී ඇත.


අවම ගාස්තු ක්‍රමය හෝ පරිභෝජන මට්ටම පාලනය කරන වෙනත් ඕනෑම ක්‍රමයක් අවසන් කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට අවන්හල්, කෝපි කඩ හෝටල් සඳහා අමාත්‍යාංශය විසින් දින 30 ක සහන කාලයක් ලබාදී තිබිණි.



අදහස් (0)

හෝටල් සහ අවන්හල්වලට පැමිණෙන අයගෙන් අවම ගාස්තුවක් අයකර ගැනීම තහනම් කෙරෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 576 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 331 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site