පේදුරුතුඩුව හමුදා කඳවුරේ සිටි රැඳවියකු ඝාතනය සම්බන්ධයෙන් විශ්‍රාමික හමුදා ලුතිනන් බිමල් වික්‍රමගේට වසර දහයකට අත්හිටවූ දෙවසරක සිර දඬුවම් නියම කිරීමට අද (31) කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය නියෝග කළාය.
ඊට අමතරව ඝාතනයට ලක්වූ තැනැත්තාගේ පවුලේ අය වෙනුවෙන් රුපියල් ලක්ෂ 20ක වන්දියක් ද උසාවියට රුපියල් දස දහසක දඩයක්ද ගෙවන ලෙස ඔහුට නියම කැරිණි.
එම දඩය නොගෙවන්නේනම් මාස තුනක සිර දඬුවමක්ද හිටපු ලුතිනන්වරයාට නියම විණි.
එම ඝාතනය 1998 ජූලි 20 වැනිදා සිදුකැර තිබිණි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
හිටපු ලුතිනන්ට වසර දෙකක අත්හිටවූ සිර දඬුවම්
අමන්ත Thursday, 01 September 2016 05:12 AM
රොකී, අපිට නුඹලාගේ රණවිරු ලේබල් ඕනෑ නැහැ. අපි කළේ අපේ යුතුකම. (නි)
විජිත Thursday, 01 September 2016 06:32 AM
වැරැද්දක් කළා නම් දඬුවම් විඳින්නම ඕනෑ (නි)
දිලුම් Thursday, 01 September 2016 06:26 AM
රොකි, ඔයාලගේ රණවිරු ලේබල් අපිට අවශ්‍ය නැහැ. යුද්ධය තිබුන කාලේ ඔය කටයි චණ්ඩිකමයි තිබුනා නම්..... (නි)
උපසේන Wednesday, 31 August 2016 11:13 PM
මෙය මිනීමැරුම් චෝදනාවක් නේද? නමුත් අත්හිටවූ හිරදඬුවම්! (නි)
සුමුදු Thursday, 01 September 2016 01:03 AM
මම නම් හිතන්නේ ලක්ෂ 20 ක් ගෙවනවාට වැඩිය මාස තුනක් හිරේ යන එක හොඳයි. මේවට මොනවා කියන්නද මන්දා? (නි)
රොකී Thursday, 01 September 2016 02:59 PM
අපි අපරාධකරුවන්ට රණවිරු ලේබල් ගහන්න අපි නුඹලා වගේ මෝඩයෝ නොවේ අමන්ත. හිතාගෙන ඉන්නේ මිනීමරණ එක යුතුකමක් කියලද? හමුදාවට ගිය කවුරුත් කොයි රටේ වුණත් ඔවුන්ගේ කාරිය ඉටුකළ යුතුයි. මම ඇහුවේ ඔවුන් නීතියට යටත් නැද්ද කියන එකයි! (නි)
රොක්සි Thursday, 01 September 2016 03:05 PM
දිලුම්, ඔහෙටයි අමන්තටයි නරකද රණවිරුවන්ගේ ලැයිස්තුවක් හදලා, මේගොල්ලන් නීතිවිරෝධී මොනවා කළත් දඬුවම් කරන්න එපා කියලා නීතිපතිට නියෝග කරන්න. නිකන් තමන්ගේ මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා (නි)
රොකී Thursday, 01 September 2016 03:11 AM
සම්පත්, මේ රණවිරු ලේබල් එක හමුදාවේ පුද්ගලයන්ට සදාකාලිකවම දෙනවද? නීතියට ඔවුන් යටත් වන්නේ නැද්ද? (නි)
සම්පත් Wednesday, 31 August 2016 02:45 PM
රණවිරු දඩයමක් නොවේවා. (බ)