IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


හිටපු පොලිස්පති යළි පුටුවට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට මාස 3 ක කාලයක් සඳහා සේවා දිගුවක් ලබා දී ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි

මේ අනුව වික්‍රමරත්න මහතා හෙට (9)හෝ අනිද්දා(10) යළි සේවයට වාර්තා කිරීමට නියමිතව ඇති බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨත නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය

පොලිස්පතිවරයා  සිටි වික්‍රමරත්න මහතා ඉකුත් මාර්තු මස 25 වැනි දා විශ්‍රාම යෑමට නියමිතව සිටියදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  මාස තුනක 3ක කාලයක් සඳහා සේවා දිගුවක් ලබා දුන්නේය.

එම සේවා දිගුව ඉකුත්ජුනි මස 25 වැනිදා අවසන් විය

පොලිස්පතිවරයකු විශ්‍රාම යන අවස්ථාවේ ඔහු වෙනුවෙන් පොලිස් ආචාර පෙළපාලියක් පැවැත්වෙන නමුත්සේවා දිගුව අවසන් වූ දිනයේ ඔහු වෙනුවෙන් ආචාර පෙළපාලියක් නොපැවතුණු බව ද පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි

වික්‍රමරත්න මහතා පොලිස්පති තනතුරට පත්වූයේ 2020 වසරේදීය



අදහස් (11)

හිටපු පොලිස්පති යළි පුටුවට

sukitha Friday, 07 July 2023 10:26 PM

මේකෙන් පේන්නේ ජනාධිපති හැමදේටම ඇඟිලි ගහන බව... ජනාධිපතිගේ හිතට හරියනකල් කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඉතාම වැරැදි නායකත්ව ලක්ෂණයක්. 2015 දීත් මේ දේම වුණා. රට එක තැන පල්වෙන්න ගත්තා. 2015 ට කලින් සිද්ද වුනේ අනිත් අන්තයි. ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කරන්න දෙන එක. ඒකත් වැරැදියි.

:       0       10

බී අමරසිංහ Saturday, 08 July 2023 02:27 AM

මේක සදාචාර විරෝධී වැඩක් නේ? අනික් අය පොලිස්පති වෙන්න අකැමැතිද? විශ්‍රාම ගිය අයෙක්ව කාලය දික් කරකර නැවත නැවත එම තනතුරේම තියනවා මේ සඳහා ජනාධිපතිට මෙච්චර කීකරු අයෙක් හොයාගන්නම නැද්ද? සුදුස්සෙක් හොයාගන්න අසමත් නායකයෝ රට ගොඩ දමයිද?

:       0       13

මොහොට්ටාල Saturday, 08 July 2023 04:01 PM

පොලිස්පති වෙන්නේ ඊළඟට ඉන්න අයගෙන් කෙනෙක් තමයි.. ඒත් ඊළඟට ඉන්න අයට වගකීමක් දෙන්න තරම් සුදුසුකම් නැත්නම් මොකක්ද කරන්න ඕනෑ. පොලිසියේ කෙනෙක් නැත්නම් පිටින් කෙනෙක් ගන්න වෙනවා. එහෙම වුණොත් මොකද කරන්නේ? ඇත්තටම පොලිස්පති ලෙසට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ කෙනෙක් ගත්තොත් හොඳයි කියලා හිතෙනවා. ඇත්තටම ජනාධිපතිවරයාට කීකරු කෙනෙක් සොයනවට වඩා මෙතෙක් පාලනයේ දක්ෂ දූෂණ කටයුතු නොකළ කෙනෙක් සොයනවා වෙන්න බැරිද? මට හිතෙන්නේ නම් වඩාත්ම සුදුස්සෙක් මෙන්ම සේවයට වඩාත් දක්ෂතා ඇති දූෂිත නොවූ රට ගැන හැඟීමක් තියෙන කෙනෙක් ජ්‍යේෂ්ඨත්වය ලබනතුරු සී.ඩී.ට වැඩ බලන්න දේවි කියලා තමයි. ඇත්තටම රාජ්‍ය සේවය වර්තමානයේ මෙතරම් අපකීර්තියට පත්වුණේ අදක්ෂයෙකු වුණත්, දූෂිතයෙක් වුණත් ජ්‍යේෂ්ඨත්වය අනුව තනතුරු දීම නිසා කියලා කියන්න පුළුවන්...!

:       2       2

sachith Saturday, 08 July 2023 03:57 AM

මෙතුමාට ගෙදර ගිහින් ඉන්න දෙන්නෙත් නැහැ, ඊගාවට එන්න ඉන්න දේශබන්දුගේ නඩු ටික අහවර වෙනකන්ද ආයෙම එතුමාව දාලා තියෙන්නේ? හැබැයි දේශබන්දු ආවාම නම් ගහලා එලෙව්වත් ඕකෙන් යන්නේ නැහැ...

:       0       12

R.m.a.rathnayaka Saturday, 08 July 2023 04:02 AM

තව අයෙකුට අවස්ථාව දිය යුතුයි...

:       0       8

Kazi Shajahan Saturday, 08 July 2023 09:54 AM

ආණ්ඩුව ලොකු කතානම් කියනවා, ඇත්තම පොලිස්පති කෙනෙක් හොයාගන්න බැහැ... මේක හොඳ රජයක්...!

:       2       8

Perera Saturday, 08 July 2023 11:40 AM

එක අතකට අංක එකේ දාමරිකයෙක් පත්වෙනවාට වඩා... පඹයෙක් ඉන්න එක හොඳයි.

:       1       13

sena Saturday, 08 July 2023 11:44 AM

අරයගේ නඩුටික ගොඩදානකල් මෙයාව තියාගෙන අදිනවා වගේ...

:       1       12

Rata Perata Saturday, 08 July 2023 12:33 PM

දුර්වල මනුස්සයෙක් කියන්නේ නිකන්ද? පේනවා නේද? අවංක, දක්ෂ, නීතිගරුක ඉහළ නිලධාරීන් ඉන්නවා පොලිසියේ... ඒත් පත්වීම දෙන්න කොන්දක් නෑ...

:       3       13

Sunil Saturday, 08 July 2023 02:56 PM

පොලිස්පති කෙනෙක්වත් පත්කර ගන්න බැරි තරමට බංකොලොත් වෙලා තියෙන මේ පාණ්ඩුවට පුළුවන්ද මේ රට හදන්න…? ලැජ්ජ නැද්ද?

:       2       8

C.K.Lankaputhra Saturday, 08 July 2023 06:37 PM

මේකට තමා හැබෑ පොලිස් කෝලම කියන්නේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 460 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2211 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1662 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site