ගුවන් හමුදාපති ගගන් බුලත්සිංහල සිය නිල රථයෙන් හමුදා මූලස්ථානයට යද්දී තර්ස්ටන් පාරේදී එම රිය ඡායාරූප ගත කළ බව කියන හිටපු නාවික හමුදා භටයකු අත්අඩංගුවට ගෙන පොලිසියට බාරදුන් බව ගුවන් හමුදා ආරංචි කියයි.
මොහු ඡායාරූප ගත කළ පුද්ගලයා හිටපු ලුතිනන්වරයකු බවත් ගුවන් හමුදාපතිගේ ආරක්ෂාවට ගිය ගුවන් භටයන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවත් කියති.
2025 දෙසැම්බර් මස 18
571
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිටපු නාවික හමුදා ලුතිනන් අත්අඩංගුවේ
මංජු Wednesday, 13 January 2016 05:28 AM
දහස් ගණන් මිනිස්සු ඉදිරියේ එන්රිකේ බදාගෙන කිස් කරපු කෙල්ලගේ සදාචාරය ගැන මුලින්ම පරීක්ෂණ කරන්න (ම)
වසන්ත Wednesday, 13 January 2016 05:41 AM
ලොක්කෝ යන තැන්වල පාරවල් දෙපස තියන ටීවී කැමරා සියල්ලම ගලවල දාන්නද කියන්නේ (බ)
නිපුණ Tuesday, 12 January 2016 07:43 PM
මොනවා හිතාගෙන එහෙම කළාද දන්නෙ නැහැ (නි)
රසික සූරියආරච්චි Friday, 15 January 2016 02:02 AM
පමණ ඉක්මවායෑමක්. සැකයක් ඇත්නම් කරදර හිරිහැර නොකර සොයා බලන්න තිබුණා නේද? (නි)
අමරසේන Tuesday, 12 January 2016 10:54 PM
ඉතින් දෙවියනේ මෙතන වරදක් කරලාද? ජංගම දුරකථන වලින් ෆොටෝ නොගන්නේ කවුද? හෙට අපිවත් අල්ලාගෙන යයිද දන්නෙ නැහැ. (නි)
කල්පගේ Wednesday, 13 January 2016 06:50 AM
මිනිසුන් රවටන්නට දේශපාලුවෝ දේශප්‍රේමය දොඩවනවා. ජාතිය වෙනුවෙන් ඔවුන් කරන දෙයක් නැත. (බ)
දුමින්ද Wednesday, 13 January 2016 02:18 AM
දැන් ඡායාරූප ගන්නත් නිදහසක් නැද්ද? (නි)
ලුම්බිණි Wednesday, 13 January 2016 02:19 AM
සමහරු හිතාගෙන ඉන්නේ තවමත් යුද්ධය ඉවර නැහැ කියලා වගෙයි. (නි)
ඩොනල්ඩ් Wednesday, 13 January 2016 02:27 AM
මේ මොනවද වෙන්නේ? (නි)
යශෝද් Wednesday, 13 January 2016 02:26 AM
අපිට දැනගන්න පුළුවන් වෙයි මොන අරමුණකින් එහෙම කළාද කියලා (නි)
රුවන් Wednesday, 13 January 2016 02:35 AM
අමරසේන මහත්තයෝ, මේ සිද්ධිය ඕගොල්ලන්ගේ කාලේ වුණා නම් මොකද වෙන්නේ කියලා දන්නවා නේද? (නි)
ඇන්ටන් Wednesday, 13 January 2016 07:49 AM
එයා වැරැද්දක් කරලා නැත්නම් බයවෙන්න දෙයක් නැහැනේ (නි)
චන්න Wednesday, 13 January 2016 03:15 AM
රුවන්, මොකක්ද ඔය අමරසේනගේ කාලය? එහෙම එකක් අපි අහලා නැහැනේ (නි)
අසෝක Wednesday, 13 January 2016 03:20 AM
සමහරු නම් පාරේ වාහන වල යන විදියට ෆොටෝ ගහලා මදි. (නි)
නිශාර්ඩ් ප්‍රීනා Wednesday, 13 January 2016 03:41 AM
අපි සමාජයේ, කල යුතු දේවල්, නොකළ යුතු දේවල් සහ අපේ සීමාවන් මොනවාදැයි හරියටම දැනුවත් වෙලා නැහැ. ඉතින් නොදැනුවත්කම නිසා අමාරුවේ වැටෙනවා. (බ)
ඇන්ටන් Tuesday, 12 January 2016 05:54 PM
මොකද ඒ? ෆොටෝ ගහන්න බැහැ කියලා රටේ නීතියක් සම්මතකර තිබෙනවද? (නි)
බණ්ඩාර Tuesday, 12 January 2016 05:59 PM
ජනාධිපති එක්ක සෙල්පි ගන්නත් පුළුවන් නම් මේ අයගේ ෆොටෝ එකක් ගත් එක මහා ලොකු දෙයක්ද? (නි)
චමල් Wednesday, 13 January 2016 05:13 AM
දිනු දේශය අනතුරේ. කෝ මේ අපේ දේශප්‍රේමින්? (නි)