IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


හිටපු ජනපති ආරක්ෂාව 60ට බස්සයි

(සුජිත් හේවාජුලිගේ)

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට යොදවනු ලැබ සිටින ආරක්ෂක නිලධාරීන්ගේ සංඛ්‍යාව හැටකට අඩු කරනු ලැබ ඇත.

හිටපු ජනාධිපති වරුන්ගේ ආරක්ෂක තත්ත්ව වාර්තා විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව වැඩ බලන පොලිස්පතිවරයා මෙම පියවර ගෙන ඇත.

මේ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීහු 116 දෙනෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර යවනු ලැබ සිටිති.

පොලිස් කොට්ඨාස 38කට මාරුකර යවා ඇති මෙම පිරිසට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු හත් දෙනෙක් සහ පොලිස් පරීක්ෂකවරු සිව් දෙනෙක්ද ඇතුළත් වෙති.

මෙම පිරිස විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය අංක 5 යටතේ මෙතෙක් අනුයුක්ත කරනු ලැබ සිටියහ.

විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය අංක 5 යනු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දී තිබූ ආරක්ෂාවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරක්ෂාව සැපයූ ආරක්ෂක රථ තුනක්ද මෙයට පෙර ඉවත් කෙරිණ.

මේ සම්බන්ධයෙන් අප පොලිස් මාධ්‍ය අංශයෙන් කළ විමසුමකදී එහි නිලධාරියකු පැවසුවේ හිටපු ජනාධිපතිවරයාට ආරක්ෂාව සැපයූ පොලිස් නිලධාරීන් 116 දෙනකු සේවා අවශ්‍යතා සැලකිල්ලට ගෙන මෙසේ ඉවත් කළ බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට ආරක්ෂක නිලධාරීන් හැට හත් දෙනෙකු රඳවා සෙසු පිරිස මෙසේ මාරුකර යැවූ බවද ඔහු සඳහන් කළේය.

මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආරක්ෂකයන් සංඛ්‍යාව පනස් එකකටද හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂකයන් සංඛ්‍යාව පනස් අටකටද සීමා කරනු ලැබ ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයන් සංඛ්‍යාවද ඉදිරියේදී අඩු කෙරෙනු ඇතැයි වාර්තාවේ.

 



අදහස් (9)

හිටපු ජනපති ආරක්ෂාව 60ට බස්සයි

යෝගා Thursday, 12 December 2024 10:39 AM

ජනතාවට දීපු පොරොන්දු කෙසේ වෙතත් ඩයස්‌පෝරාවට දීපු පොරොන්දු නම් අකුරටම ඉෂ්ට කරනවා

:       0       0

Kamal Koyrala Thursday, 12 December 2024 12:00 PM

රට තුළ උද්ධමනය හෝ ත්‍රස්තවාදී අනතුරක් නොමැති නම් මේ සා ආරක්ෂාවක් විශ්‍රාම සුවයෙන් නිවාස වලට වෙලා ඉන්න අයට මොකටද? මහජනයාට කිසිම ආරක්ෂාවක් නෑ

:       0       1

රම්බොඩ Thursday, 12 December 2024 01:11 PM

දේශපාලනිකව නොසිතා කොට් ත්‍රස්තවාදය පරාජය කළ මහින්ද මහතාගේ ආරක්ෂාව ගැන විශේෂයෙන් සැළකිලිමත් විය යුතු යැයි සිතමි. එය සමස්ත රටේම වගකීමකි.

:       51       166

PereraFriday, 13 December 2024 12:01 AM

ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිට මහින්දට වඩා තර්ජනයක් තියෙද්දිත් ඔවුන්ට කිසිම ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. මේවා විකාර...!

:       0       0

අරවින්ද මොනරවිල Friday, 13 December 2024 08:18 AM

හොරුන්ට රාජ්‍ය ආරක්ෂාව දෙන ලෝකයේ එකම රට මේ සිරි ලංකාව වෙන්න ඇති අපේ හාමුදුරුවනේ !

:       0       1

ගුණරත්න Thursday, 12 December 2024 01:18 PM

මම හිතන්නේ නම් විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට උපරිම ආරක්‍ෂාවක් දිය යුතුය යන්නයි. හිටපු ත්‍රස්තවාදීන් අතරේ තවමත් පරණ අදහස් විශ්වාස කරන උන් ඉන්න පුළුවන්. ඉතින් අනවශ්‍ය ගැටලුවක් ඇති කරගන්නේ නැතිව ආරක්‍ෂාව දිය යුතුයි. රජයේ වියදම් කප්පාදු කරන්න මීට වඩා ඵලදායක ක්‍රම තියෙනවා.

:       0       0

J.Dhayalan Thursday, 12 December 2024 03:05 PM

හිටපු ජනාධිපතිවරුන්ට මෙතරම් ආරක්ෂාවක් මොකටද? ඕනෑම රටක ත්‍රස්තවාදි කල්ලියක් විසින් ඝාතනය කරනු ලබන්නේ බලයේ ඉන්න තැනැත්තාව පමණි. විශ්‍රාම ගියාට පසු ඔහු සාමාන්‍ය මනුෂ්‍යෙයකි. එම නිසා ත්‍රස්තවාදින්ට එවැනි පුද්ගලයින්ව ඝාතනය කිරීමෙන් ඵලක් නැත. ඔසාමා බින්ලාඩන්ව ඝාතනය කළ ඔපාමා ද විශ්‍රාම ගිය පසු නිදහසේ ජීවත් වේ. ඇමරිකාවේද එවැනි ආරක්ෂක නිලධාරින් සංඛයාවක් දෙන්නේ නැහැ. මේවා මහජන මුදල්. නිකරුනේ නාස්ති කරන්න දෙන්න බැහැ.

:       0       0

Lalla Friday, 13 December 2024 07:59 AM

තමන් කරපු අපරාධ වලට විනාශ වලට බයේ මිස කොටින්ගෙන් ආරක්ෂාව ඕන නැතිව ඇති නේද මේ වනවිට?

:       0       0

sam Friday, 13 December 2024 08:05 AM

ඔය සුනාමි ආධාරවලට විදපු මිනිහාට ආරක්ෂාව දෙනවා නම් සක්කරයාව උඩ යද්දි හිටපු සියලු දෙනාටත් ආරක්ෂාව දිය යුතුයි නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 612 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site