IMG-LOGO

හිටපු ජනපතිගේ ආරක්ෂකයන්ට පාට් දැමූ 5 ක් අත්අඩංගුවට

 (බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආරක්ෂකයන් සමග  ගැටුමක් ඇති කර ගත් පුද්ගලයන් පස් දෙනෙක් අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.

තුවාල ලද ඇමති ආරක්ෂක අංශයේ පොලිස් සැරයන් වරයෙක් ප්‍රතිකාර සඳහා  කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය. 

 හිටපු ජනාධිපතිවරයා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩ සටහනක්  සඳහා තලංගම පැලවත්ත ප්‍රදේශයට පැමිණ සිටියදී මෙම සිද්ධිය වී ඇතැයි පොලිසිය කියයි. 

 උපන්දින සාදයට ගොස් මත්පැන් පානය කර  නැවත මෝටර් රථයකින් පැමිණෙමින් සිටි  තරුණයන් පස් දෙනාගේන් අයෙකුට 
වමනය යාම සඳහා මෝටර් රථය නතර කළ අවස්ථාවේදී  එහි සිටි තරුණයකු  ඒ අසල නවතා තිබූ ඇමති ආරක්ෂක  ජීප් රථයට  අතින් තට්ටු කර ඇති අතර  එම අවස්ථාවේදී ජීප් රථයේ සිටි සැරයන්වරයා සමග  බහින් බස් වීමක් ඇති වීමෙන් අනතුරුව  මෙම පහරදීම සිදුවී ඇතැයි පොලීසිය කියයි. 

සැරයන්වරයා ට පහර දුන් පිරිසෙන් දෙදෙනකු එම අවස්ථාවේදී සෙසු  ඇමති ආරක්ෂකයන් විසින් අල්ලාගෙන තලංගම  පොලිසියට භාරදී තිබූ අතර  පලාගිය   පිරිස තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි. 

අත්අඩංගුවට ගත් ගත් සැකකාර තරුණයන් බත්තරමුල්ල කොස්වත්ත මරදාන ආදී ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු විසි 25 පසුවන්නන් බව පොලිසිය කියයි. 

තලංගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගම  මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ. 



අදහස් (0)

හිටපු ජනපතිගේ ආරක්ෂකයන්ට පාට් දැමූ 5 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 145 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site