IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


හිටපු කොටි සැකකරු නිදහස්

කොටි සැකකරුවකු ලෙස වසර පහක් බන්ධනාගාරගත කොට සිටි පුද්ගලයෙකු යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චේලියන් මහතා විසින්  බ්‍රහස්පතින්දා (10) නිදහස් කිරීමට නියෝග කොට ඇත.

ප්‍රනාන්දු එමිල්දාස් නැමති මෙම සැකකරු පොලිස් ත්‍රස්තමර්දන ඒකකය විසින් අත් අඩංගුවට ගෙන තිබුණේ 2011 වසරේදීයි ඒ 2000 වර්ෂයේදී අලිමංකඩ යුදහමුදා කදවුරට ප්‍රහාර එල්ල කිරීමේ චෝදනාව මත වවුනියාවේ කූමාංකුලම පළාතේදීය.

එහිදි කොටි බුද්ධි අංශ සාමාජිකයෙකු වශයෙන් කටයුතු කළ බවට පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය විසින් මොහුට චෝදනා එල්ල කරනු ලැබීය.

2011 වසරේ සිට වසර තුනක් පොලීසිය සැකකරුගෙන් ප්‍රශ්න කොට තොරතුරු සටහන් කරගෙන ඇතත්,එම තොරතුරු සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ පවත්වා නොමැති බව ද යාපනය මහාධිකරණයේදී පැවති නඩු විභාගයේදී හෙළි විය.

නඩුව පිළිබදව තීන්දුව ප්‍රකාශයට පත් කළ යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලංචෙලියන් මහාධිකරණ විනිසුරු කියා සිටියේ පොලීසියත්, ආරක්ෂක අමාත්‍යංශත් සැකකරුට එරෙහිව නගා තිබූ චෝදනා ඔප්පු කිරීමට අසමත් වී ඇති බවටයි.

එමෙන්ම අලිමංකඩ යුදහමුදා කදවුරට ප්‍රහාරයක් එල්ල කළ බවට මොහුට චෝදනා එල්ල කොට ඇතත් ඔහු විසින් මරාදමන ලද හෝ තුවාල සිදු කළ හමුදා සාමාජිකයින් පිළිබදව තොරතුරු ඉදිරිපත් කිරීමට පොලීසිය අසමත් වී ඇති බවද යාපනය මහාධිකරණ විනිසුරුවරයා පවසා සිටියේය.

සැකකරු විසින් කළ පාපොච්චාරණයේ සදහන් කරුණුද සැකයකින් තොරව ඔප්පු කිරීමට හෝ ඔහු ප්‍රකාශ කළ කරුණු පිළිබදව නිසි ලෙස පරීක්ෂණ පැවැත්වීමටද පොලීසිය අපොහොසත් වී ඇති බවද යාපනය මහාධිකරණයේදී පැවති නඩු විභාගයේදී  හෙළිදරවු වීම හේතුවෙන්  අදාල සැකකරු නිදහස් කිරීමට යාපනය මහාධිකරන විනිසුරු නියෝග කරන ලැබීය.



අදහස් (0)

හිටපු කොටි සැකකරු නිදහස්

විජේ Saturday, 12 March 2016 10:00 AM

තවත් මෙයාලට කඩේ යන කට්ටිය ඉන්නවනේ. අපි බලමුකෝ ඉදිරියට වෙන්නේ මොනවද කියලා (නි)

:       0       0

ප්‍රියංක Friday, 11 March 2016 11:14 AM

ඔව් බොහොම හොදයි. (ර)

:       0       0

බන්දුල Sunday, 13 March 2016 12:37 AM

ඔව් යසරත්න, රටට මොනවා වුණත් කලබල වෙන්න ඕනෑ නැහැ කියන පුද්ගලයන් ඉන්න රටක්නේ ශ්‍රී ලංකාව කියන්නේ. (නි)

:       0       0

විල්සන් Saturday, 12 March 2016 06:25 AM

දුමින්ද කියනදේම තමයි මටත් කියන්න තියෙන්නේ. අපිට තියෙන්නේ සද්ද නැතුව ඉන්න එක විතරයි (නි)

:       0       0

යසරත්න Saturday, 12 March 2016 06:38 AM

සෑම ප්‍රශ්නයකම දෙපැත්තක් තිබෙනවා. අපි කලබල වෙන්න අවශ්‍ය නැහැ (නි)

:       0       0

දුමින්ද Friday, 11 March 2016 02:48 PM

අනේ මන්දන්නේ නෑ මේවට මොනවා කියන්නද කියලා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 650 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 316 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site