ඉතාලි හිටපු අග‍්‍රාමාත්‍ය සිල්වීයෝ බෙරුලූස්කෝනිට විරුද්ධව චෝදනා ගොන්නක් මත මිලානෝ නුවර අධිකරණයේ නඩු කිහිපයක් විභාග වෙයි. මොරොක්කෝ ජාතික බාලවයස්කාර (16) තරුණියක් සමග පැවැත් වූ අනියම් සම්බන්ධතාවය ඔහුට විරුද්ධව ඇති නඩු අතරේ ප‍්‍රධාන තැනක් ගනී.
2010 වසරේ එක්තරා දිනක රුබී නැමැති එම ලාබාල තරුණිය නීතිවිරෝධිව ඉතාලියේ රැඳීසිටීමේ චෝදනාව යටතේ මිලානෝ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. අගමැති බොරුලූස්කෝනි පොලිසියට කතා කෙළේය. තරුණිය ඊජිප්තු ජනාධිපති මුඛාරක්ගේ නෑයකු බැවින් නිදහස් කරන ලෙස දැන්වීය. එහෙත් එය සාවද්‍ය ප‍්‍රකාශයක් බව පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය.
රුබී හා හිටපු අග‍්‍රාමාත්‍ය වරයා අතර තිබු සම්බන්ධතාවය සොයාගෙන එම කරුණු ද අධිකරණයට ඉදිරිපත් කෙළේය. මේ අතර බෙරුලූස්කෝනිට අයත් මීඩියා සෙට් රූපවාහිනි මාධ්‍ය ජාලයේ (රූපවාහිනි නාලිකා කිහිපයක හිමිකරුවෙකි) ඇතැම් විකාශන අයිතිය වෙනත් මාධ්‍ය ආයතනයකට විකිණීමෙන් ලත් යුරෝ ලක්‍ෂ 2200ක් හෙවත් රුපියල් කෝටි 3300ක මුදලින් රජයට අයවිය යුතු බදු නොගෙවා එය පැහැරහැරීමේ චෝදනාව යටතේ ද ඔහුට එරෙහිව නඩුවක් විභාග වෙයි.
තවද ඔහුට විරුද්ධ නඩුවකට බොරු සාක්කි දුන් බව කියා එංගලන්ත ජාතික නීතිඥයකු වන ඬේවිඞ් මිල්ස්ට යුරෝ ලක්‍ෂ හයක අල්ලසක් බෙරුලූස්කෝනි විසින් දී ඇත. පසුගිය දා අධිකරණය හමුවේ පෙනී සිටි ඬේවිඞ් මිල්ස් තමාට එවැනි මුදලක් ඉතාලියේ හිටපු අග‍්‍රාමාත්‍යවරයා දුන් බව පිළිගත්තේය.
යුරෝපයේ ප‍්‍රධාන ධනවතකු වන 75 හැවිරිදි බෙරුලූස්කෝනි තම බිරියගෙන් ද නීත්‍යානුකූලව වෙන්ව සිටී. මේ කෝටිපති දේශපාලනඥයාට කවර දඬුවමක් දෙනු ඇත්දැයි ඉතාලියම බලා සිටී.
2025 නොවැම්බර් මස 04
714
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2385
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1748
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හිටපු ඉතාලි නායකයාට නඩු වැලක්