IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


හිටපු ඇමැති සුරනිමල රාජපක්ෂ කළුරිය කරයි

හිටපු ඇමැති සුරනිමල රාජපක්ෂ මහතා අද (14) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.

මිය යන විට ඒ මහතා 68 වැනි වියේ පසුවිය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ නියෝජිත ලෙස කටයුතු කළ ඒ මහතා හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ සමීපතමයෙකි.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගොස් ඇතැයි පවුලේ ඥාතීහු කියති. 1949 ජනවාරි 5 වැනිදා උපත ලද රාජපක්ෂ මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකි.

1994 වසරේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඒ මහතා 2001 සිට 2004 වසර දක්වා පාසල් අධ්‍යාපන ඇමැතිවරයා ලෙස කටයුුතු කළේය.



අදහස් (0)

හිටපු ඇමැති සුරනිමල රාජපක්ෂ කළුරිය කරයි

පිටබැද්දර ජයා Monday, 14 March 2016 10:01 AM

කෙනෙක් මළාට පස්සේ ඔහුගේ හෝ ඇයගේ වැරදි කතා කරන්නේ නැහැනේ , ඔබටත් නිවන් සුව පතනවා (බ)

:       0       0

සමන් කුමාර Monday, 14 March 2016 11:10 AM

ඉතාමත් ශෝකයට පත්වෙමි. ඉතමත් නිහතමානී පුත්ගලයෙකි රටට වැඩ දී පුත්ගලයකි. ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට ඉමහත් සේවාවක් ඉටුකළ මෙතුමාට නිවන් සුව පාර්ථනා කරමු. (ර)

:       0       0

ධම්මික Monday, 14 March 2016 11:43 AM

පිටබැද්දර ජයා.. ඔබ හරි. දන්නෝ දනිති...කෙසේ වුවද නිවන් සුව ලැබේවා!! ප්‍රදේශයේ සෑම මළ ගෙදරකටම සහභාගී වූවෙක් (බ)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 14 March 2016 07:48 AM

ඉතාමත් නිහතමානී,දේශපාලන පක්ෂ බේද නොතකා කටයුතු කළ ජනතා හිත වාදියෙක්. බියගම ජනතාවට විශාල සංවර්ධන කාර්යයන් රාශියක් ඉටු කරදුන් ඇමතිවරයෙක්. සංවර්ධන සභා මන්ත්‍රී ධුරයේ සිට පාර්ලිමේන්තු ඇමතිවරයෙක් දක්වා පැමිණි මානව හිතවාදියෙක්. ගම්පහ දිස්ත්‍රික්කයේම ජනතාව හොඳින් හදුනාගත් , දේශපාලනයෙන් හම්බ කර නොගත් අවංක දේශපාලකයෙක්.ඔබතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 652 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 319 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1106 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site