සිය බිරිඳගේ නමින් රජයේ ඉඩමක් ලබාගෙන පොල් සංවර්ධන අමාත්‍යංශයේ මුදල් වලින් එය වැඩි දියුණු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට හිටපු පොල් සංවර්ධන ඇමැති ජගත් පුෂ්පකුමාර බරපතල දූෂණ හා වංචා පිළිබඳ ජනපති කොමිසමට අද (14) කැඳවා තිබුණද අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහුට පැමිණිමට නොහැකි බව ඊමේල් පණිවිඩයක් මගින් දන්වා ඇතැයි කොමිසමේ ආරංචි කියයි.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිටපු ඇමැතිට අසනීපයි : අද ජනපති කොමිසමට නෑ
රොකී Thursday, 14 January 2016 03:27 PM
අනේ පවු! ආණ්ඩුවේ ගානේ පිට රට ඇරලා ප්‍රතිකාර කොරන්න. මැඩම්ගේ වාට්ටුවෙන් හරි කමක් නැහැ! (බ)
රාජා Thursday, 14 January 2016 06:56 AM
අපේ වර්තමාන සහ හිටපු සමහර දේශපාලකයන් මේ විදිහට ලෙඩ වෙන්න ගත්තාම සාමාන්‍ය ලෙඩුන්ට යන්න රෝහලුත් බෙහෙත් ගන්න දොස්තරලාත් ඉන්දියාවෙන් ගෙන්වන්න වේවි. (ම)
දිල්කි Thursday, 14 January 2016 07:30 AM
පුදුම දේවල්නේ මෙයාලා කරලා තියෙන්නේ? රජයේ ඉඩම් විකුණන්න නිකන් පුලුවන්ද? ඒ සඳහා යෝජනා කර ඇත්තේ කවුද? අනුමැතිය දෙන්නේ කවුද? අමාත්‍යංශ මුදල් පෞද්ගලිකව යොදන්න අනුමත කළේ කවුද? මීටකලින් මේවා ආයතන හෝ රජයේ විගණනයන්ට හසුනොවුණේ ඇයි? වගකිවයුතු අය කවුද? (නි)
අසාද් Thursday, 14 January 2016 07:55 AM
බලේ ඉන්න කොට කොලේ වහල ගහන ඒවා බලේ නැති දාට එළියට එනවා.පව් ඇත්තටම අසනීප ඇති. (ම)
සංජීව Thursday, 14 January 2016 08:50 AM
පපුවේ අමාරුවක්වත් හැදෙන්න ඇති.(හේ)
නිරාන් Thursday, 14 January 2016 09:19 AM
දිල්කි කලබල වෙන්න එපා (බ)
රොෂාන් කුරේ Thursday, 14 January 2016 09:51 AM
සංජීවට වැරදුනා නේද? අමාරුවක් හැදෙන්න පපුවක් තියෙන්න එපැයි (බ)
නන්දලාල් - ප්‍රංසය Thursday, 14 January 2016 10:47 AM
සමහර අය අධිකරණයට, කොමිසමකට වගේ තැනකට යන්න තියෙන දවසට ලෙඩ වෙනවා, අසනීප වෙනවා. (ර)
ප්‍රසාද් Thursday, 14 January 2016 11:24 PM
පින් පවු එනවා ඔබ පසුපස්සේ. (නි)