IMG-LOGO

හිටපු ආගමන විගමන පාලකට හැටහය ලක්ෂයක් දඩ

1994 මාර්තු 31 වැනිදා සිට 1995 මාර්තු 31 වැනිදා දක්වා කාලයේ රුපියල් දෙලක්ෂයක ස්ථාවර තැන්පතු හා රුපියල් විසි ලක්ෂයක දේපොළ උපයා ගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වූ හිටපු ආගමන විගමන පාලන ජයසිංහ ආරච්චිගේ ආරියසේනට වසර දෙකක සිර දඬුවම් නියම කර එය දස වසරකට අත්හිටවූ කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය ඔහුට රුපියල් හැටහය ලක්ෂයක දඩද නියම කළාය.

අල්ලස් කොමිසම පැමිණිල්ල ගොනු කළේය.

IMG_2424 l



අදහස් (0)

හිටපු ආගමන විගමන පාලකට හැටහය ලක්ෂයක් දඩ

උදාර Friday, 22 July 2016 09:08 AM

දේපොළ උපයා ගත් ආකාරය හෙළි කරන්න බැරි අය තව කොච්චර ඉන්නවද? එයාලවත් අල්ලන්න. (ම)

:       0       0

දිසානායක Friday, 22 July 2016 09:28 AM

පහාත් තැනින් යයි ගලා ජලේ! කෝටි ගණනට ගෙවන වාට්ටු, ලක්ෂ 2 ට හිරගෙදර වාට්ටු! (නි)

:       0       0

ඉන්ද්‍රපාල Friday, 22 July 2016 09:36 AM

මේවට කතාකරවට වැඩිය හොඳයි නිශ්ශබ්දවම ඉන්න එක (නි)

:       0       0

අශිකා Saturday, 23 July 2016 12:06 AM

තව ලැජ්ජා නැතුව ටයි පොල්ලකුත් බෙල්ලේ එල්ලාගෙන ඉන්නවනේ හැබෑට. මහජන දේපල හොරාකන මේ වගේ අයට අරාබි දඬුවම් තමයි දෙන්න ඕනෑ (නි)

:       0       0

ඩිල්ෂානි Friday, 22 July 2016 09:40 AM

සාපේක්ෂව ගත්තහම එච්චර හොරකම් කරලා නැහැ වගෙයි (නි)

:       0       0

ශාන්ත Saturday, 23 July 2016 01:13 AM

කෝ මෙතුමා නම් අත් උස්සගෙන යන්නේ නැහැ. මම හිතන්නේ වංචා කළ මුදල කෝටි 7 නොඉක්මවූ නිසා වෙන්න ඇති. (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 22 July 2016 09:59 AM

මේක ඉතින් ශ්‍රී ලංකාව නිසා හොඳයි. හා නැද්ද? (නි)

:       0       0

අනුර Saturday, 23 July 2016 03:21 AM

සමහරු රට රටවල් වල අනෙකුත් අයගේ නම් වලින් හෝටල් ගොඩනැගිලි ඉදිකරපු හැටි ප්‍රකෝටි ගණන් හොයාගත්ත හැටිත් හොයන්න (නි)

:       0       0

එරන්ද Saturday, 23 July 2016 03:26 AM

මෙහෙම අයනේ ඉතින් අපේ රටේ ඉන්නේ? (නි)

:       0       0

මාර්ටින් Saturday, 23 July 2016 03:56 AM

අනේ පවු. අහිංසකයෙක් ඕක අතහැරලා දාපල්ලා (හේ)

:       0       0

ජනක Saturday, 23 July 2016 03:56 AM

මෙයා සේවයෙන් නෙරපා දැම්මේ කවුද ඒ කාලේ (හේ)

:       0       0

ජගත් බාලසුරිය Friday, 22 July 2016 11:52 AM

ඕක මොකක්ද? (ර)

:       0       0

රොෂාන් Saturday, 23 July 2016 04:31 AM

1994-1995 නිසා ලක්ෂ දෙක සෑහෙන ගානක්. (නි)

:       0       0

නිමාලි Friday, 22 July 2016 12:16 PM

නඩුවේ තීන්දුව අගය කරමි. මොවුන් වැනි අය අද රේගුවේ සහ ආගමන විගමන සේවයේ බහුලයි. අවංක නිලධාරින් සිටියත් මොවුන් ඔවුන්ට වල කපමින් මෙසේ කටයුතු කරයි. මොහු ඇඳ සිටිනා ඇඳුමේ ගරුත්වයත් කෙළෙසා කෙසේ මෙසේ උසාවි පැමිණියාද කියා සිතමි (නි)

:       0       0

බණ්ඩාර Saturday, 23 July 2016 05:40 AM

මෙම නඩු තීන්දුව ගැන මට නම් ප්‍රශ්නයක් තියෙනවා. ලක්ෂ දෙකක තැන්පතු හා විසි ලක්ෂයක දේපොළ හා මෙම නිලධාරියාගේ තනතුර හා දඬුවම. (නි)

:       0       0

පද්මිණි Friday, 22 July 2016 12:46 PM

අනේ අප්පේ! දෙලක්ෂයක ස්ථාවර තැන්පතුවක් අපේ ගමේ කෙනෙක්ගේ පොතෙත් තියනවනේ. (නි)

:       0       0

සුමුදු Saturday, 23 July 2016 06:00 AM

තරුෂි, ඉතින් හොයාගත්ත ක්‍රමය කියන්න. එච්චරයි. (නි)

:       0       0

රූපවතී Saturday, 23 July 2016 06:02 AM

මම තාමත් 11ස් මාසයක් මඟ බලා ඉන්නවා පිටරට ඉඳලා, මගේ ගමන් බලපත්‍රය එනකම්. මේ ලංකාව කියන්නේ බලතණ්හාවෙන් තම අවශ්‍යතාවන් ඉටුකරගන්නා මිනිසුන් ඉන්නා රටක් (නි)

:       0       0

චතුරි Friday, 22 July 2016 01:26 PM

සිත පරව ගියා... වත මිලින වුණා... කඳුලින් දෑස තෙමා... ඔබ හඳුනාගනු කෙලෙසේ... (නි)

:       0       0

තරුෂි Friday, 22 July 2016 02:18 PM

ඒ කියන්නේ අපේ රටේ රජයේ සේවකයෙක් කීයක්හරි ඉතුරු කරලා තියනවා කියන එකේ තේරුම ඒ මුදල් උපයාගෙන තියෙන්නේ පගාව අරගෙන කියන එකද? මේවා ගැන දන්නා කෙනෙක් ඉන්නවා නම් ටිකක් පැහැදිලි කරලා දෙන්නකෝ. (නි)

:       0       0

ධම්ම Friday, 22 July 2016 02:15 PM

පුද්ගලයා, තනතුර, ගණන් ඉලක්කම් හා දඬුවම දැක්කහම සියුම් කණගාටුවක් හිතට දැනුනා. (නි)

:       0       0

මැටිපහන Friday, 22 July 2016 02:22 PM

ඔන්න ඔහොම ටික ටික ඉස්සරහට යමු. (නි)

:       0       0

ඇසළ Friday, 22 July 2016 02:28 PM

ලක්ෂ 22 දෙකට දඩය 66 ලක්ෂයක් නම් ඉදිරියේදී මොන පක්ෂෙන් හරි දේශපාලුවෝ අහුවෙනකොට ලංකාවේ සල්ලි මදි වෙනවා දඩ ගෙවන්න. (නි)

:       0       0

එරන්දිකා Friday, 22 July 2016 02:43 PM

අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)

:       0       0

අයිරාංගනී Saturday, 23 July 2016 07:03 AM

වංචාකළ ගණනටත් වැඩියෙන් ගෙවන්න වෙලා නේද? (නි)

:       0       0

රොකී Friday, 22 July 2016 03:40 PM

අනේ මහත්තයෝ, ආච්චි කෙනෙක් ඔය ගෙදර තෑග්ගක් හැටියට ලියලා දුන්නා කියලා හරි හොර ඔප්පුවක්වත් ඉදිරිපත් කරලා ෂේප් කරගන්න බැලුවේ නැද්ද? සල්ලි පාරේ වැටිලා තිබිලා හම්බ වුණා කිවුවා නම් ඉවරයි! කොහොම වුණත් මහත්තයාගේ ජයග්‍රහණය ගැන මගේ සතුට පිළිගන්න! (නි)

:       0       0

ලලිත් Friday, 22 July 2016 04:05 PM

ඕක නිසා තමයි මෙයාලා අර ගුවන් තොටුපොළේ කැමරා සවිකරනවා කියලා මහා කලබගෑනියක් කළේ (නි)

:       0       0

කමල් Friday, 22 July 2016 04:06 PM

දැන් සමහරුන්ට හොඳට නින්ද යනවා ඇති (නි)

:       0       0

ලක්විදු Friday, 22 July 2016 04:09 PM

පොඩි ගණන් ගත්ත එකේ වැරැද්දනේ. විසි කෝටියක් විතර ගත්තා නම් ගොඩ. (නි)

:       0       0

රම්සි Friday, 22 July 2016 04:12 PM

කෝ බැසිල්ලට කඩේ යන අය? මේවා කාගෙන් පළිගන්න කරන දේවල්ද? (නි)

:       0       0

සාමා Friday, 22 July 2016 05:09 PM

මේ නඩුව වගේම අනික් හොරුත් ඉක්මනට හිර කරනවා නම් අපි හරි කැමතියි. මොකද මෙයා කරලා තියෙන හොරකම පොඩි එකක්, අපිට දැන් දැන් අහන්න ලැබෙන දේවල් එක්ක බැලුවහම. (නි)

:       0       0

විමලගුණ Friday, 22 July 2016 05:27 PM

සමහර කාර්යාල සහායකයන්ටත් මීටවැඩිය වත්කම් තියනවනේ. මෙහෙම ගියොත් නම් රාජ්‍ය පාලනයට දෙයියන්ගේම පිහිටයි! (නි)

:       0       0

අසෝකා Friday, 22 July 2016 06:19 PM

අනේ එතකොට අර රට හදන්න ඇවිල්ලා ඒ පුංචි පඩියෙන් මාළිගාවල් හත අට හදපු ඇත්තෝ? (නි)

:       0       0

වින්සන්ට් Friday, 22 July 2016 07:27 PM

හාල්මැස්සාට මෙච්චර නම් දැලට පැටලී ඉන්න මෝරුන්ට කොච්චරක් වියයුතුද? මෝරු ටික ඒකාබද්ධ වී මරුවිකල් වී පැනයාමට ගන්නා උත්සාහය අපි බලා සිටින්නෙමු. තමන්ගේ වාසියට මෝරුන් බිලිබා ගැනීමට උත්සාහ කරන අය ගැනද අපි බලා සිටින්නෙමු. (නි)

:       0       0

සමන් Friday, 22 July 2016 08:47 PM

මීටවඩා සල්ලි උපයපු අය ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හිටියේ නැද්ද? ඔවුන් සමහරු අද වතු අයිතිකාරයෝ. සමහරු පිටරටවල. 1970 සිට බැලුවා නම් සෑහෙන තොරතුරු හොයාගන්න පුලුවන් වෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 18 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 366 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 830 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site