IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


හිඟයක් නැතුව ඖෂධ දෙන්න සාකච්ඡා අරඹයි

(අංජුල මහික වීරරත්න)

සෞඛ්‍ය සේවාව සහ ඖෂධ යනු මෙරට ජනතාවගේ ජීවිත සමඟ ප්‍රමුඛ  බද්ධ වූ ක්ෂේත්‍රයක් බැවින් ඊට විකල්ප නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

මේ නිසා සෞඛ්‍ය  ක්ෂේත්‍රයන්වල කටයුතු කිරීමේ දී මනා වගකීම, සම්බන්ධීකරණය හා කළමනාකරණය සෘජුව බලපාන බව ද අමාත්‍යවරයා කීය.

අමාත්‍යවරයා මේ බව කීවේ මෙරට රජයේ රෝහල් පද්ධතිය වෙත කිසිඳු හිඟතාවයකින් තොර ව අඛණ්ඩ ඖෂධ සැපයුමක් ලබාදීම ප්‍රමුඛ අරමුණ කරගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවති  සාකච්ඡාවේදී අදහස් දක්වමින් ය.

සෞඛ්‍ය අමාත්‍යාංශය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, වෛද්‍ය සැපයුම් අංශය, මුදල් අමාත්‍යාංශය, ඖෂධ සැපයුම්කරුවන්ගේ වාණිජ මණ්ඩලය, බටහිර ඖෂධ දේශීය නිෂ්පාදකයන්ගේ සංගමය යන ආයතනවල නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් මෙම විශේෂ හමුව පැවැතිවිණි.

 



අදහස් (0)

හිඟයක් නැතුව ඖෂධ දෙන්න සාකච්ඡා අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 570 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site