IMG-LOGO

හැංගූ ගැස් ටැංකි පාරිභෝගිකයන්ට බෙදා දෙයි

(චන්ද්‍රසේන ගමගේ)

අඟුණකොළපෑලැස්ස ලිට්‍රෝගෑස් තොඟ බෙදා හැරීමේ මධ්‍යස්ථානයක ගබඩා කොට තිබූ විවිධ ප්‍රමාණයේ ගෑස් ටැංකි 4000ක් පමණ පාරිභෝගිකයින්ට ලබාදීමට කටයුතු කළ බව හම්බන්තොට පාර්භෝගික සේවා අධිකාරයේ නිළධාරියෙකු පැවසීය.

පාරිභෝගික සේවා අධිකාරියට ලැබී තිබූ තොරතුරකට අනුව අඟුණකොළපෑලැස්ස පොලීසියේද සහාය ඇතිව මෙම වැටලීම  සිදු කළ බවත් එහිදි විශාල ප්‍රමාණයේ ලොරි රථ 03ක මෙම ගෑස් තොගය ගබඩා කොට තිබූ බවත් එම නිළධාරියා පැවසීය.

ප්‍රදේශය පුරා ගෑස් හිඟයක් පවතින මොහොතක මෙසේ ගෑස් තොග රදවා තබා ගෙන සිටීම බලවත් වරදක් බවත් ඒ නිසාම ගබඩා කොට තිබූ ගෑස් තොගය රන්න වාඩිගල තොග බෙදාහැරීමේ මධ්‍යස්ථානයේදී හා අඟුණකොළපෑල්සස තොඟ බෙදා හැරීමේ මධ්‍යස්ථානයේදී පාරිභෝගිකයින්ට ලබා දීමට කටයුතු කළ බවත් පාරිභෝගික සේවා අධිකාරයේ නිළධාරියා පැවසීය

ඉදිරියේදී ලිට්‍රෝ ගෑස් වල මිල ඉහළ යන බවට රාවයක් පවතින අතර එම මිල වැඩි වීම බලා පොරොත්තුවෙන් මෙම ගෑස් තොගය ගබඩා කොට තබන්නට ඇතැයි පාරිභොගික සේවා නිළධාරීහු සැක කරති.



අදහස් (5)

හැංගූ ගැස් ටැංකි පාරිභෝගිකයන්ට බෙදා දෙයි

uk ran Wednesday, 16 March 2022 08:09 AM

හංගපු එකාගේ දේශපාලන පක්ෂය ඉස්සෙල්ලාම හොයාගන්න.ඕකුන්ට ඕන රට විනාශයි කිය කියා තමන්ගේ බඩ පුරවාගන්න

:       0       9

fairoosWednesday, 16 March 2022 12:37 PM

අනේ බයියනේ මේක හංගන කෙනාගේ වරද නෙමෙයි... මේ ආණ්ඩුවේ වැරැද්ද? මෙච්චර වෙලත් තාම පක්ෂ, පාට බලන් ඉන්නවා.

:       4       4

uk ranThursday, 17 March 2022 01:28 PM

ඇයි ඔයාට අවුල්ද? ඕක තමයි ඇත්ත තත්වේ.. ජවිපෙ, සමගි ජනබලවේග වල ව්‍යාපාරිකයෝ හංගනවා වැඩි ලාබ ගන්න. ඒක තමයි ඇත්ත.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 16 March 2022 10:37 AM

ලිපිද්‍රව්‍ය වලටත් මේ දේම වෙනවා. මාස කිහිපයකට පෙර රු.450/- කට ගත් හාෆ් ෂිට් බණ්ඩලය (කොළ 500) ඊයේ රු.950/- ක මිලකට වෙළෙන්දන් අළෙවි කළා.වෙනත් වෙළෙන්දෙක් රු.750/- කට බණ්ඩලයක් දුන්නා.සමහර වෙළෙන්දන් රජයට බණිනා ගමන් තම මඩිය තරකර ගැනීමට කටයුතු කරනවා.මේ දුක්බර කාලයේ සමහර නිෂ්පාදකයන් හා වෙළෙන්දන් අයුතු ලාභ ලබනවා.මිල වැඩිවීමට පෙර ගෙනා බඩු මුට්ටු එදාම ගෙනා එවාසේ විකුණනවා.

:       0       11

ajith Wednesday, 16 March 2022 02:33 PM

ලංකාවේ භාණ්ඩ හිඟයට එක් ප්‍රධාන හේතුවක් නම් කූට බඩගෝස්තරවාදී වෙළෙන්ඳන්... කොන්දක් නැති රජය හොරුන්ට පාරිභෝගිකයා ගසා කන්නට දී උඩ බලාගෙන සිටියි..

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 82 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 310 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 56 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site