නිවාඩුවක් විවේකී සති අන්තයක් එනකොට ඒකාකාරී පරිසරයෙන් මිදී අවිවේකී ජීවිතවලින් ඔබ්බට ගොස් නිදහසේ ඉන්න බොහෝදෙනෙක් කැමැත්තක් දක්වනවා. එහෙම නිදහස් පරිසරයක නිදහසේ ඉන්න කැමති අයට යන්න හොඳ තැනක් ගැන තමයි අපි මේ කියන්න හදන්නේ. මේක තමයි කොළඹට ළඟින්ම තියෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම තෙත් කලාපීය උද්භිත උද්‍යානය. අවිස්සාවේල්ල, වග (පාදුක්ක) ඉලුක්විට කියන ගම්මානයේ සරු තේ යායකට සහ රබර් යායකට මායිම්ව මෙම උද්‍යානය පිහිටා තිබෙනවා. කොළඹ-අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ (98, 122) හමුවන කළුඅග්ගල නගරයෙන් හැරී ලබුගම, කලටුවාව මාර්ගය ඔස්සේද, කළුඅග්ගල නගරය පසු කරමින් යන විට හමුවන පුවක්පිටිය නගරයට ආසන්නව තිබෙන තුම්මෝදර හන්දියෙන් හැරී පාදුක්ක දෙසට ගමන් කරන මාර්ගය ඔස්සේද මෙම උද්‍යානය වෙත ළඟා වෙන්න පුළුවන්.
මේ උද්‍යානය හෙක්ටයාර 43 (අක්කර 106) ක් විශාලයි. අභියෝගයට ලක්වෙලා තියෙන පහතරට තෙත් කලාපීය
වනාන්තරවල ඇති වෘක්ෂලතා අනාගත පරපුර සඳහා සංරක්ෂණය කරන්න තමයි මේ උද්‍යානය ඉදිකිරීමේ මූලික පරමාර්ථය වෙලා තියෙන්නේ. මේ උද්‍යානය විවෘත කරලා තවම අවුරුද්දක් වත් නෑ. ඒ නිසා මේක ගැන කවුරුත් වැඩිය දන්නේ නෑ. දැන් ලස්සන පරිසරයක සොබා සුන්දරත්වය විඳගන්න, මල් බලන්න නුවරඑළිය, හග්ගල, පේරාදෙණිය යන්න ඕනේ නැහැ. කොළඹ ඉඳන් පැය එක හමාරකින් දෙකකින් ළඟා වෙන්න පුළුවන් මේ උද්‍යානයට.
ආහාර ලබාගැනීම සඳහා වෙළෙඳ සැලක්, හංස බෝට්ටු, මල් පැළ මිලදී ගන්න වගේම මල් වවන්න ඉගෙන ගන්න පුහුණු මධ්‍යස්ථානයක්, ඉතා වැඩි ඉඩකඩක් තිබෙන වාහන නවතා තැබීමේ අංගණයක්. නැරඹුම් මධ්‍යස්ථානයක්, වගේම පාරිසරික සෞන්දර්යත්වය විඳගනිමින් ගමන් කිරීමට හැකියාව තිබෙන නැරඹුම් රථ 02 ක් මේ උද්‍යානය තුළ තිබෙනවා. සතියේ දින හතම උදෑසන 08.00 ඉඳින් 05.00 වෙනකම් උද්‍යානය විවෘතව පවතිනවා.
ඡායාරූප / සටහන - මංජු ප්‍රදීප් කුමාර
2025 දෙසැම්බර් මස 18
652
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
319
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1106
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හග්ගල සිරිය ඇති අවිස්සාවේල්ලේ උද්භිත උද්‍යානය