ඉන්දියාවේ ඇසෑම්හිදී ලබන පස් වැනිදා ආරම්භ වන දකුණු ආසියා ක්‍රීඩා උළෙලට සහභාගී වන ජාතික හොකී පිරිමි කණ්ඩායමේ සාමාජිකයින්ගේ විදේශ ගමන් බලපත්‍ර ඉන්දීය වීසා සඳහා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට ඉදිරිපත් කිරීම වළක්වලමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කල වාරණය ගාස්තුවට යටත්ව විසුරුවා හැරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු ටී ඩී ගුණසේකර මහතා අද නියෝග කළේය.
වාරණයට එරෙහිව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ගොනු කැරුණු මෝසමක් සලකා බලමින් එම වාරණය විසුරුවා හැරීමට ප්‍රධාන දිසා විනිසුරුවරයා තීන්දු කළේය.
ශ්‍රී ලංකා හොකී කණ්ඩායමේ උපනායක ලෙස කටයුතු කරන පෙත්සම්කාර දිලුක මධුෂංක ජයසූරිය නැමැත්තා ගොනු කළ පැමි‚ල්ල මඟින් ලබා ගත් වාරණය නිසි පරිදි අධිකරණයට කරුණු නොදක්වමින් අධිකරණය නොමඟ යවමින් ලබා ගත් එකක් බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය දන්වා සිටි අතර කිසි ලෙසකින්වත් ක්‍රීඩා පනත උල්ලංඝනය කර නොමැති බවද කීය.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොකී කණ්ඩායමේ වාරණය ඉවතට
සත්‍යපාල Saturday, 06 February 2016 05:02 AM
අධිකරණයට ඇගිලි නොගසනවා කියමින් දේශපාලන බල අධිකාරිය කල බලපෑම් වලට යටත්ව දුන් මේ තීන්දුවට මගේ අප්‍රසාදය සහ විරෝධය! මේ විරෝධයට එරෙහිව මට නීති මගින් කටයුතු කරන්නට ඇවැසිනම් මගේ සත්‍ය තොරතුරු අන්තර්ජාලයේ මා රහසිගත නොවන බව දනිමි. (කෞ)
ලහිරු Friday, 05 February 2016 11:11 AM
වාරණය ඉවත් කළ එක හොඳයි.(හේ)