IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


සා.පෙළ සිසුන්ට අමතර බස් රථ

(ඩයනා උදයංගනී)

මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් අමතර බස් රථ යොදවන බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පැවසීය.

විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන දරුවන් වෙනුවෙන් සිසු සැරිය බස්රථ මෙන්ම තවත් අතිරේක බස් රථ යොදවන බව ඔහු සඳහන් කළේය.

විභාග කාර්ය මණ්ඩල හා විභාග මධ්‍යස්ථාන කටයුතුවල නිරත වාහන වෙනුවෙන් ලං.ග.ම සතු ඉන්ධන ලබාදෙන ලෙස උපදෙස් දී ඇතැයි ද සභාපතිවරයා කීවේය.

සභාපතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (18) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

දුම්රියෙන් පැමිණෙන සිසුන් දුම්රිය ස්ථානවල සිට විභාග මධ්‍යස්ථාන කරා රැගෙනයාමේ වැඩපිළිවෙලක් ද සකසා ඇතැයි හෙතෙම පැවසීය.

නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී වී.එස් පොල්වත්තගේ මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ සාමාන්‍ය දුම්රිය කාලසටහනේ ඇති පාසල් දරුවන් වෙනුවෙන් ධාවනය කරන දුම්රිය ගමන් වාර විභාගය පැවැත්වෙන කාලයේදී අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

විභාගයට කල්වේලා ඇතිව යාමට ඇති අවසන් දුම්රියෙන් නොව ඊට පෙර තිබෙන දුම්රියෙන් විභාග මධ්‍යස්ථානයට යන ලෙස සිසුන්ට දැනුම් දෙන බවත්, දුම්රිය ප්‍රමාදයක් වුවහොත් සීඝ්‍රගාමී දුම්රිය දරුවන් වැඩි දුම්රිය ස්ථානවල නැවැත්වීමට උපදෙස් දී ඇතැයි ද පොල්වත්තගේ මහතා පැවසීය.

 



අදහස් (1)

සා.පෙළ සිසුන්ට අමතර බස් රථ

SWISS Wednesday, 18 May 2022 07:24 PM

හැබැයි ඔය අගනා සේවය ලබා දුන් අයම විභාග කරන්න ඔය බස්වලම යන ළමයින්ට කියන්න... අම්මලා, තාත්තලා පෙළපාලිවල යන ගමන් කියපු පාඨ මතක් කරගන්න එහෙම එපා කියලා...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 48 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 437 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 873 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site