(යොහාන් භාසුර)
මැයි මස 15 වැනිදා ආරම්භවීමට නියමිතව තිබූ අපොස සාමාන්‍ය පෙළ විභාගය (2022) සති දෙකකින් කල්දැමූ බව විභාග දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 29 වැනිදා ආරම්භ කිරීමට මේ වන විට සැළසුම් කර ඇතැයි ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.
උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව මේ වන විට මාස දෙකකට ආසන්න කාලයක් ප්‍රමාද වී ඇති බව කී එම නිලධාරියා උත්තර පත්‍ර පරීක්ෂාව ප්‍රමාද වීම සාමාන්‍ය පෙළ විභාගය කල්දැමීමට සිදුවූ බව ද සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සා.පෙළ කල් යයි
Lankaaputhra Monday, 10 April 2023 12:38 PM
රටේ අනාගතය බාර ගැනීමට සිටින මුව පැටව් වැනි අහිංසක දරුවන් මෙහෙම අනාථ කිරීමට කටයුතු කරන අයටත් ඔවුන්ගේ හතර වර්ගයාටත් කිසිම උපතක මනුෂ්‍ය ආත්මයක් නොලැබේවා... එහෙම අයට කල්ප ලක්ෂ ගණනක් මානසික රෝගීන් වීමට ලැබේවා.. යක්ෂයින් ප්‍රේතයින් වේවා... සත්‍ය වූ මෙම අදහසට ඩිස්ලයික් දමන හා චෝදනා කරන අයටත් එසේම වේවා...!
ගමේ එකාලා Monday, 10 April 2023 01:53 PM
කිසිම හිතක්, පපුවක් නැති ගුරුවරුන්ගේ වැඩනිසා අපහසුතාවට පත්වන්නේ මේ රටේ දරුවෝ....
SANATH Monday, 10 April 2023 06:30 PM
දරුවන්ට වගේම දෙමව්පියන්ටත් මේක විශාල කරදරයක්. කල්ගියා කියලා දරුවන්ගේ ටියුෂන් නවත්වන්න බෑ. එහෙම කළොත් කරගෙන ආපු පාඩම් ඔක්කොම අතහැරෙනවා.
අප්පුහාමි Tuesday, 11 April 2023 06:55 AM
එයටත් වඩා දරුවො වයසට යාම කාටවත් වලක්වන්න බැහැ එයින් වෙන්නෙ දරුවො නිකරුණේ නාකි වෙනවා ඇත්තටම ඉදිරියේ ගුරු තනතුර වේවා දොස්තර තනතුර වේවි රජයේ අත්‍යාවශ්‍යම තනතුරක් වේවි පත්වීම් ලිපියේ කොන්දේසි ඇතුළත් කර එයට පත්වීම් එම කොන්දේසි යටතේ පත්වීම් භාර ගන්නා බවට අත්සන ගතයුතුය දැනට පත්වීම් ලිපියේ දක්වන්නෙ ආයතන සංග්‍රහය හා මුදල් රෙගුලාසි අනුව කටයුතු කිරීමට කැමැත්ත විතරයි සමහරක් ගුරුවරු මෙන්ම නිළධාරින් විශ්‍රාම යනතුරු ආයතන සංග්‍රහය හා මුදල් රෙගුලාසි මොනවාද දන්නෙ නැහැ ඒවා වලක්වන්න ඕන