IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


සී අයි ඩී ය කෙහෙළියගෙන් ප්‍රශ්න කරයි

(සුජිත් හේවාජුලිගේ )

ප්‍රමිතියෙන් තොර ප්‍රතිජීවක ඖෂධ තොගයක් මෙරටට ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරි  කණ්ඩායමක් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල  මහතාගේ නිවෙසට ගොස්  ඔහුගෙන් අද (26) දහවල්  ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.

මේ අවස්ථාවට රඹුක්වැල්ල මහතා වෙනුවෙන්  නීතිඥවරු කණ්ඩායමක්ද පෙනී සිටියහ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, එම අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම්  අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක  යන මහත්වරුන් ඇතුළු පිරිසක්  රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටිති.



අදහස් (16)

සී අයි ඩී ය කෙහෙළියගෙන් ප්‍රශ්න කරයි

kamal Tuesday, 26 December 2023 02:55 PM

සී අයි ඩී ය එනකොට බැල්කනියෙන් පැනලා ගියා නම් ඉවරයිනේ...!

:       0       0

viraj Tuesday, 26 December 2023 03:13 PM

අත්අඩංගුවට ගන්නකොට ටිකක් රෑ වෙයි...!

:       0       0

ඉන්දික Tuesday, 26 December 2023 03:21 PM

විශේෂ වරප්‍රසාද ළඟට ගිහින් කටඋත්තර ගන්න. මෝරු හැමදාම බේරෙනවා පොඩ් අය අහුවෙනවා. මේ ආණ්ඩුව ඉන්නකම් ඔය පුද්ගලයා අත්අඩංගුවට ගන්නේ නැහැ..!

:       0       0

ranjith Tuesday, 26 December 2023 03:29 PM

අහිංසක රෝගීන් මුලාකරන වංචා කළානම් නීතිය කුමක් වුවත් පව් ඵල දෙනවා...

:       0       0

Hafeel Tuesday, 26 December 2023 03:32 PM

මේක බොරු සංදර්ශනයක්ද? හරි නම්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔහුව ගෙන්න ගන්න ඕනේ. මෙහෙම තමයි එදා ශිරන්තිගෙනුත් කට උත්තර ගත්තේත්. නමුත් ඔහුට එරෙහිව ගත්තු පියවර කුමක්ද?

:       0       0

fairoos Tuesday, 26 December 2023 03:34 PM

නිකන් නාඩගම් විතරයි...!

:       0       0

Amitha lal dasanayake Tuesday, 26 December 2023 04:34 PM

කොහොමද හොරාගේ බය...?

:       0       0

NAMAL Tuesday, 26 December 2023 04:44 PM

බාල ඖෂධ ගෙන්වපු අයටයි, ඔවුන්ගේ පවුලේ අයට සහ ගෙන්වන්න උදව් කරපු අයයි, ඔවුන්ගේ පවුලේ අයටයි ශාප වේවා!! හෙණ පහළ වේවා! මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ලකාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාපවේවා!

:       0       0

විජිත් Tuesday, 26 December 2023 04:49 PM

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටින " කොන්ද පණ නැති " නිලධාරීන්ගේ තවත් " පණ නැති ...." වැඩක් !!! රටේ ජනතාව සියලු දෙනාම සමාන බව මේ මෝඩයින්ට අමතක වෙලාද? රජයට විරුද්ධ අදහස් ප්‍රකාශ කරන අයට දන්වනවා... අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන්න කියලා, ආණ්ඩුවේ කුණු රෙදි හෝදන පට්ට හොරුන්ගේ ගෙවල්වලට ගිහින්, ඔවුන්ගේ කකුල් අල්ලලා වැඳලා හොරුන්ට ඕනෑදෙයක් ලියාගන්නවා. මේ "වානරයා" පට්ටම පට්ට හොරෙක් බව කවුද නොදන්නේ? මීට කලින් මේකාට නඩු කීයක් තිබුණද හොරකම් වලට, වල්කම් වලට සම්බන්ධව... ජී.අයි බට හොරකම් කරලා, ටයර් වර්ගයක් හොරකම් කරලා.. ටෙලි ඩ්‍රාමාවලට අවසර දෙන්න නිළියෝ ඉල්ලලා...

:       0       0

Asintha Tuesday, 26 December 2023 05:00 PM

ප්‍රශ්න විතරයි, පස්සේ නිදොස්කොට නිදහස්...!

:       0       0

Wanniarachchi Tuesday, 26 December 2023 05:06 PM

නිදොස්කොට නිදහස් කරයි...!

:       0       0

Shantha - Qatar Tuesday, 26 December 2023 05:12 PM

රිමාන්ඩ් එකේ ඉන්න අයට ඇයි මහත්වරු කියන්නේ?

:       0       0

නිහාල් Tuesday, 26 December 2023 05:29 PM

CID එක ගෙදර ගිහින් ප්‍රශ්න ප්‍රකාශ සටහන් කරගත්තා කියන්නේ ආයේ අහන්න දෙයක් නෑ

:       0       0

nimal Tuesday, 26 December 2023 07:35 PM

දේශපාලනයට පැමිණි අවංකව විනිවිදව වැඩකරගෙන යාමට" නොහැකි නම්" මෙවැනි ගැටළුවලට මුහුණදීමට සිදුවේ..!

:       0       0

Perera Tuesday, 26 December 2023 09:01 PM

මේවා මාධ්‍ය සංදර්ශන... මෙයාට විරුද්ධව නඩු වැටෙන්නෙත් නැහැ... වැටුණත් අන්තිමට නිදොස්කොට නිදහස්... පහළ තැනින් වතුර බැහැලා යාවි...

:       0       0

G. K. Ekanayake Tuesday, 26 December 2023 09:53 PM

විත්තිකරුවෙක් වෙනවාට වඩා කලින් පැමිණිල්ලක් දාලා පැමිණිලිකාරයෙක් වෙන එක හොඳයි. මේක පට්ට උපායක්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 213 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2079 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site