
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලීඩ් හමුවුඩ් නසීර් අල්කටානි සහ යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමේ ප්‍රධාන නිරීක්ෂක හා යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොසේ ඉග්නසිඕ යන මහත්වරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී හමුවූහ.
රජයේ මූලික අරමුණ පළමු වසර දෙක තුළ රටේ ආර්ථිකය නඟා සිටුවීම බව අග්‍රාමාත්‍යවරිය එහිදී පැවසුවාය.
මෙම හමුවේදී මෙරට වෙළඳ, සංචාරක, පරිපාලන ඇතුළු තවත් බොහෝ ක්ෂේත්‍ර පිළිබඳවද සාකච්ඡා කළහ.
මෙම හමුවට ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති කැර්මන් මොරෙනෝ, ශ්‍රී ලංකාවට පැමිණි යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමේ නියෝජ්‍ය ප්‍රධානියා සන්චෙෂ් එමෝර් යන මහත්වරුන්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ හා අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.
2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සෞදි තානාපති අගමැතිනිය හමුවෙයි