(මනෝප්‍රිය ගුණසේකර)
සූර්ය විදුලි බල උත්පාදකයින්ට එම විදුලිය මිලදී ගැනීම වෙනුවෙන් ගෙවනු ලැබූ ගාස්තු අඩු කිරීමට රජය ගෙන ඇති තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා සූර්ය විදුලිබල උත්පාදකයින් 17 දෙනකු ගොනු කර ඇති රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා අගෝස්තු 04 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය අද නියෝග කළේය.
අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා හමුවේ පෙත්සම කැඳවීණ .
පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මනෝහර ද සිල්වා මහතා දැක්වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල කරුණු තහවුරු කිරීම සඳහා පෙත්සම අගෝස්තු 04 වැනිදා කැඳවන ලෙස නියෝග කළේය.
වහල මත සවිකරන සූර්ය බල උත්පාදන කෝෂ හරහා නිෂ්පාදනය කරනු ලබන විදුලිය මිලදී ගැනීම සඳහා විදුලිබල මණ්ඩලය මෙන්ම ලේකෝ ආයතනය විසින් ගෙවනු ලබන ගාස්තු පසුගිය ජූලි මස පළමුවැනිදා සිට අත්තනෝමතික ලෙස අඩු කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි සඳහන් කරන පෙත්සම්කරුවෝ විදුලි බල පනත අනුව මෙවැනි මිල අඩු කිරීමක් සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ගත යුතු වුවත් කොමිසමේ අනුමැතිය ලබාගෙන නොමැති බවට චෝදනා කරති”
එමෙන්ම අදාල ගාස්තු අඩුකිරීමේ තීරණය ක්‍රියාත්මක නොකරන ලෙස මහජන උපයෝගීතා කොමිසම මගින් දැනුම් දී ඇතත් එය ක්‍රියාත්මක වී නොමැති බවද සඳහන් කරන පෙත්සම්කරුවෝ අමාත්‍ය මණ්ඩල තීරණයක් මත පමණක් මේ ආකාරයෙන් ගාස්තු අඩු කිරීමට රජය ගෙන ඇති තීරණය නීතියට සම්පූර්ණයෙන්ම පටහැනි බවද පෙන්වා දෙති” එහෙයින් එම තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කරුවෝ පෙත්සම අසා නිම වනතුරු ගාස්තු අඩු කිරීමේ තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයිද ඉල්ලා සිටිති”
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
සූර්ය විදුලිබල උත්පාදකයන්ගේ පෙත්සම කැඳවීමට නියෝගයක්