IMG-LOGO

සුදත්තගේ කතාව ගැන නලින්දගෙන් ප්‍රකාශයක්

(අංජුල මහික වීරරත්න)

සමහර නඩු ගලාගෙන යන විදිය අනුව ඕන කෙනෙකුට පුරෝකථනයක් කරන්න පුළුවන් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙන නඩු තීන්දුව ගැන සුදත්ත තිලකසිරි නැමැත්තකු යූටියුබ් මාධ්‍ය හරහා කලින්ම ප්‍රකාශ කිරීමක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නලින්ද ජයතිස්ස මහතා මේ බව කීය.

"මේ පරීක්ෂණ ක්‍රියාවලියට ආණ්ඩුව කිසිම මැදිහත්වීමක් කළේ නැහැ.මේ සිද්ධිය ගැන පමණක් නොව මූල්‍ය වංචා,අපරාධ දූෂණ සියල්ල ගැන නිදහසේ පරීක්ෂණ කරන්න ඉඩදී තිබෙනවා.ආණ්ඩුවේ වගකීම වන්නේ ඒ ආයතන වලට අදාළ පහසුකම් ලබා දීමයි.

රටේ ඕනෑම තරාතිරමක පුද්ගලයෙකුට නීතිය සමානව ක්‍රියාත්මක වන බවට පෙන්නුම් කළ අවස්ථාවක් වශයෙන් මෙය හඳුන්වා දිය හැකියි.

මීට කලින් වික්ටර් අයිවන් මහත්තයත් නඩු තීන්දුවක් ගැන කලින් වාර්තා කරපු අවස්ථාවක් මා දුටුවා.සමහර නඩු ගලාගෙන යන විදිය අනුව ඕන කෙනෙකුට පුරෝකථනයක් කරන්න පුළුවන්.අධිකරණය ඇප ලබා දෙනු ඇතැයි සමහරු හිතන්නැති. සමහරු ඇප ලබා නොදෙනු ඇතැයි හිතන්න ඇති.ඕවා නිකං සාස්තර වගේ තමයි. සමහර ඒවා හරි යනවා. සමහර ඒවා වරදිනවා.කවුරුහරි එහෙම චෝදනා කරනවා නම් ඒක අධිකරණයට අපහාසයක් යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

 



අදහස් (0)

සුදත්තගේ කතාව ගැන නලින්දගෙන් ප්‍රකාශයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 8559 0
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 250 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 190 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site