(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති පොදු සමාව අවභාවිත කරමින් සිරකරුවන් නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරිය ඇතුළු තවත් රජයේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකුගෙන්ද ඉදිරියේදී ප්‍රකාශ සටහන් කර ගැනෙනු ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය මාධ්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පැවසීය.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව අධිකරණ අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයක් හෙයින් ඇයටද මෙහිදී යම් වගකීමක් තිබෙන බව ඔහු සඳහන් කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරිය මේ දිනවල එම කටයුතු වල නියැලී සිටින බව පවසන නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහි අලගිය තැන් මුල ගිය තැන් සියල්ල අනාවරණය කරගන්නා බවද ප්‍රකාශ කළේය.
මෙම පරීක්‍ෂණවලදී අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරියටද කට උත්තරයක් ලබාදීමට සිදුවනු ඇතැයිද අධිකරණ අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයක් හෙයින් ඇයටත් වගකීමක් ඇතැයිද ඔහු සඳහන් කළේය.
මෙම පරීක්ෂණ තවත් කිහිප දෙනෙකු අතරට දෝලනය වනු ඇතැයි ද මට කළ මහතා පැවසීය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
සිරකරු සිද්ධියට අධිකරණ ලේකම් CIDයට?
යෝගා Friday, 13 June 2025 09:36 PM
ජනාධිපති ලේකම්වත් අත්අඩංගුවට ගන්න ඕනෑ...
Lalla Saturday, 14 June 2025 10:22 AM
අවසානයේ රාජ්‍ය සේවයේ ඉහළ තනතුරුවලට කට්ටිය කොන්ත්‍රාත් පදනමට විදේශ වලින් ගන්න වෙයිද? ඒ කට්ටිය ආවා. වැඩ කළා. යන්න ගියාම ඉවරනේ...
Koralage Saturday, 14 June 2025 11:37 AM
මේ Lalla ට පිස්සුද? මෙයා රජයේ සේවයේ ඉන්න හොරුන්ට කහින ගැත්තෙක්. පොදු සමාව අවභාවිතා කරලා වංචනිකව මුදල් හොයපු සියල්ලම දඬුවම් දීලා හිරේ දාන්න ඕනෑ.