
(ඩයනා උදයංගනී)
නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා යළිත් එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.
ඔහු එම ධූරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපතිවරයාට ලිපිටක් යොමු කරමින් දැනුම් දී තිබේ.


(ඩයනා උදයංගනී)
නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා යළිත් එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.
ඔහු එම ධූරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපතිවරයාට ලිපිටක් යොමු කරමින් දැනුම් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය අපිට ගෝනි එළුවා නාට්‍යය පෙන්නනවා වගේ...!
මරණ බය දැනිලා වගේ... අපරාදෙ සල්ලි නාස්තිය... පන්නන්න ඕනේ...!
බොරු ඉල්ලා අස්වීම් කරලා රටේ මහජනතාවගේ සල්ලි කෑවා. ආයෙත් කනවා. අනේ අම්මපා මේ අයට මොල නැති හැටි. ජනතාවගේ සල්ලි ගැන නෙවෙයි කතාකරන්නේ තමන් ගැන... කවුරුවත් කතාකරන්නේ නැහැ. මේ විගඩමට නාස්ති කරපු මහජන මුදල් ගැන... වියදම් වන මුදල් තමන් උපයන්නේ නැති තාක් එම මුදලේ අගය මේ අයට නොවැටහේ...!
පාර්ලිමේන්තුව ජනතාවට විහිළු සපයන තැනක්වෙලා වගෙයි...
මෙයාට අමු කැවිලාද කොහේද?
මේ 225 දෙනාම ජනතාවගේ ගැටළු සමග සෙල්ලම් කරන එක කරන්නේ. එනවා බැනගන්නවා. කනවා. බැනගන්නවා. යනවා. එක එක දේශපාලන පක්ෂවල බල තණ්හාවට මිනිස්සු මැදිවෙලා. 225හේ අය ඇතුළේ පිස්සු නටනවා. මිනිස්සු එළියේ පිස්සු නටනවා. ඒ අතර රට වලපල්ලට යනවා. අපි වැඩ නොකර ගෙවන හැම තත්පරයේම රටක් විදිහට මේක කඩන් වැටෙනවා... ඒ දුකත් අන්තිමට මහජනයාටයි.
මනෝ වෛද්‍යවරයෙකුට පෙන්වන්න. ජනතා මුදල් කාබාසිනියා නොකර...
සෑම රජයක්ම ලංකාවේ ආර්ථිකය හැසිරවූයේ ණය පොතට කඩෙන් කන්න පවුලක් වගේ. ණයට කනවා කාලෙකින් ගෙවනවා. ඒ පවුල හොඳයි මොණවා වුණත් හොරා කෑවේ නෑ...
අපේ රටේ ජාතික ධනය එක්ක සෙල්ලම් කරනවා. රටම බංකොලොත් කරලා පිස්සු කෙලිනවා. පාර්ලිමේන්තුව මොන්ටිසෝරි පන්තියක්...
මේක ඉතින් දැන් කොහොමත් සියඹලාණ්ඩුවක් තමයි.
බැලින්නම් නම වෙනස් කරලා විතරයි.
කල්මරමින් ජනතාවගේ මුදල් කාබාසිනියා කරමින්, ජනතා සේවය විහිළුවකට භාජනය කරන මෙවන් මහජන නියෝජිතයන් ප්‍රතික්ෂේප කළ යතු කාලය ඇවිත්...
මේක නිකන් සියඹලාණ්ඩුවක් වෙලා වගෙයි පෙනෙන්නේ... මෙයා විතරක් නොවේ අගමැතිත් දැන් යනවා කියනවා. තරුණයින් ඉල්ලන්නේ මේ සේරම යන්න කියලයි.
දැන් ගෑස් වගේම කඳුළු ගෑසුත් ඉවර වෙලාද?
මේ මොන විහිළුවක්ද? නාමයෝජනා සඳහා ඔබේ නම ආපහු දැම්මේ ඇයි? මෙයින් අදහස් කරන්නේ ඔබ සහ කෘෘර පාලකයින් විසින් ජනතාව රවටා ගැනීමක්ද?
225 ම බූරු රැළක් කියලා මෙයත් ඔප්පු කළා එහෙනම්.
කවුද මේ? අපේ සල්ලි කන අපත වැඩ තමයි කරන්නේ. මේ කියන දේ කොච්චර ඇත්තද කියලා තේරෙනවනේ...
පිස්සු අපිටද? නැතිනම් 225 ටද?
මෙයාව දැන් සියඹලාණ්ඩුවේ අගමැති කරමු.
හෙට ආපහු පත් වේ...
මේවගේ අය මහජන මුදල් කබාසිනියා කරන්න පාර්ලිමේන්තු යැවිය යුතුද?
පාර්ලිමේන්තුවේ දවසකට වැය වුණු මුදල සියඹලාපිටියගෙන් අයකරගත යුතුය. මහජන මුදල් සෙල්ලමකට අරන්...
මේක තනිකරම සල්ලි නාස්තිකරන මකර කටක්.. 225ම පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙයල්ලා. ඔය 225 නැති ව කාලයක් අපූරුවට රට කළා මතකද?
නැවත ඉල්ලා අස්වීමේ අලුත්ම ක්‍රමයක් පමණි.
මොකක්ද මේ කරන පිස්සුව? රටේ මුදල් නැතිව රට රටවලින් හිඟාකන සමයක රුපියල් ලක්ෂ ගණනක් වැයකොට පාර්ලිමේන්තුව රැස්කර නියෝජ්‍ය කතානායක ධුරයට, ඉල්ලා අස්වූ කෙනා නැවත පත්කරගෙන දින දෙකකින් යළිත් ඉල්ලා අස්වෙනවා. මෙහි අරමුණ රට තවත් කම්බස් කිරීමක් කියලයි හිතෙන්නේ... මේ වගේ අය හොඳ සියඹලා ආණ්ඩුවටම තමයි. මේ කාලෙට හොඳින්ම ගැලපෙනවා.. කලකට පෙර අර ගායකයෙක් ගායනා කළ "කෙලින්නේ" පිස්සු කියන ගීතය. අනේ, ලංකාවට ගිය කලක්... කොතැනින් නතර වේද? කියන එකයි ජනතාවට ඇති ප්‍රශ්නය.
හිටපු විශ්ව විද්‍යාල ශ්ෂ්‍ය නායකයින් කියලා කියන්න ලැජ්ජා නැද්ද? මේ රට විනාශයට යන හැටි මුලින් පෙණුනේ නැතිද? හැමදේටම අත උස්ස උස්ස හිටියේ හෘද සාක්ෂියෙන්ද?
නුඹලා නටන නාඩගම් තව ටික දවසයි. එතකන් නටපල්ලා. ඊට පස්සේ ඕවාට උත්තර දෙන්න වෙයි ජනතාවට...
හපෝ... රටේ උත්තරීතර කතානායකට ගිය කල... අද පාර්ලිමේන්තුව කියන්නේ නාඩගම් කාරයින්ගෙන් පිරුණු නාඩගම් මඩුවක්. මේ 225 ම මෙතැනට එන්නේ ගොන් වැඩ කරන්න විතරයි.
ගොබ්බ වැඩ තමයි කරන්නේ... ආයෙ ඒකෙ දෙකක් නෑ..!
හෙනහත වැදියන්... සල්ලි නැති වෙලාවේ සල්ලි කාලය කාලා මේ කරන විගඩම් වලට සම්බන්ධ හැම එකාටම...!
මෙයාව වහාම පුනරුත්ථාපනය කරන්න.
අයියෝ සියඹලා... ඔයා හරිම ඇඹුල් රහයිනේ...! දතුත් එක්ක හිරි වැටෙනවා ඔය කරන දේවල් වලට...
පාර්ලිමේන්තුවත් දැන් කෝළම් මඩුවක් වෙලා. මේවට කොහෙන් හිනාවෙන්නද මන්දා?