(කේ. බුද්ධික කුමාරසිරි)
සීතාවක ප්‍රාදේශීය සභාව සඳහා සභාපතිවරයකු සහ උප සභාපතිවරයකු පත්කර ගැනීම සඳහා වූ ඡන්ද විමසීම සදහා සභාවේ ඝන පූර්ණය නොමැති වීමෙන් එම ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල්තැබීමට බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරී ජයසුන්දර මහත්මිය අද (17) දින තීරණය කළාය.
එම ප්‍රාදේශීය සභාව සඳහා සභාපතිවරයකු සහ උප සභාපතිවරයෙකු පත්කර ගැනීම සඳහා අද (17) දින උදෑසන 10 ට සීතාවක ප්‍රාදේශීය සභාවේ මහා සභා රැස්වීම් ශාලාවේදී ආරම්භ විය.
එහිදී සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා රහස් චන්දයක් පවත්වන්නේද විවෘත ඡන්දයක් පවත්වන්නේද යන්න පළාත් පාලන කොමසාරිස්වරිය විසින් සිදුකළ විමසීමේදී එක් පාර්ශවයක් විවෘත චන්දයක් පවත්වන ලෙසත් තවත් පාර්ශවයක් රහස් චන්දයක් පවත්වන ලෙසත් යෝජනා ස්ථිර කරන ලදී.
ඒ අනුව යෝජනා දෙකක් ඉදිරිපත් වී ඇති බැවින් සභාපතිවරයා පත්කර ගැනීම සඳහා වූ ඡන්ද විමසීම රහස් චන්දයක් ද විවෘත චන්දයක් ද වශයෙන් තීරණය කිරීමේ බලය කොමසාරිස්වරියට බලය ඇති බැවින් මෙම ඡන්දය රහස් ඡන්දයක් ලෙස පවත්වන බවට කොමසාරිස් සාරංගිකා කල්හරි ජයසුන්දර මහත්මිය විසින් ප්‍රකාශයට පත් කළාය.
මෙහිදී අදාල තීරණය සම්බන්ධයෙන් විවෘත චන්දයක් අවශ්‍ය බවට යෝජනා කළ කණ්ඩායම විසින් දැඩි විරෝධතාවය පළ කරන ලදී. එහෙත් තමාට ඇති බලතල අනුව රහස් චන්දයක් පවත්වන බව පළාත් පාලන කොමසාරිස්වරිය එහිදී නැවතත් ප්‍රකාශයට පත් කරමින් තීරණය කළාය.
එහිදී එම යෝජනාවට විරෝධය පළ කළ සභිකයන් 24 දෙනෙකු සභා ගර්භයෙන් නැගිට පිටත්ව යාම හේතුවෙන් සභාවේ ඝන පූරණය නොමැති වීම නිසා සභාව විනාඩි තිහකට කල්තැබීමට කොමසාරිස්වරිය විසින් කටයුතු පළමුව කළාය.
ඉන් අනතුරුව නැවතත් ඡන්දය පැවැත්වීම සඳහා සභාව ආරම්භ කළ ද අවශ්‍ය ගණපූර්ණය නොමැති වීම නිසාවෙන් නැවතත් ගැසට්ටුවක් මගින් සභාව පිහිටු වන දිනය ප්‍රකාශයට පත්කර ස්වභාවයේ කටයුතු පවත්වන තෙක් දින නියමයක් නොමැතිව සභාව කල් දැමීමට බස්නාහිර පළාත් පාලන කොමසාරි සාරංගිකා කල්හරි ජයසුන්දර මහත්මිය තීරණය කළාය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
සිතාවක ප්‍රා.ස. ඡන්ද විමසීම දින නියමයකින් තොරව කල් යයි
තොත්තබබා Tuesday, 17 June 2025 04:55 PM
මුලින්ම කොමසාරිස් නොදන්නාකම ප්‍රදර්ශනය කළේ කොළඹ මහ නගර සභාවේදී. ඒකම මෙහිදීත් කරන්න ගිහිල්ලා වැරැදිලා තියෙනවා කොමසාරිස් වරියට නුවණක් තිබුණා නම් සියලු දෙනාගෙන් වෙන වෙනම කැමැත්ත විමසා වැඩි කැමත්තෙන් ක්‍රමය තීරණය කරන්න තිබුනා කාටද ඒදණ්ඩෙ යන්න බැහැ කියනවා නේද? SLAS එකටත් ලැජ්ජයි... තමා දරන තනතුර අපකීර්තියට පත්කිරීම සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කරන්න ඕනෑ..