
(කාංචන කුමාර ආරියදාස)
ආනයනික පොල් තෙල් ලීටර් 28000 අඩංගු බවුසරයක් දඹුල්ල ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාට ලැබුණු තොරතුරක් මත දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස් .පී .එදිරිසිංහ මහතා සහ පොලිස් කණ්ඩායමක් දඹුල්ල නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් පැමිණ පස්වරු හතයි තිහට පමණ මෙම ස්ථානය පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම පොල්තෙල් තොගය සොයාගෙන ඇත..
පොලිසිය සහ නගරාධිපති ජාලිය ඕපාත මහතා ඇතුළු පිරිස් එම ගබඩාවට යන අවස්ථාවේදී කන්ටේනර් රථය සම්පූර්ණයෙන්ම ගබඩාව ඇතුළට දමා බට වලින් එම ගබඩාවේ වහලය මත තනා තිබූ ටැංකියකට මෙම පොල්තෙල් බාමින් සිටින අයුරු දැක ගැනීමට හැකි වූ බව නගරාධිපතිවරයා ජාලිය ඕපාත මහතා පැවසීය.
මෙම පොල්තෙල් විදේශ රටවලින් ගෙන්වා ඇති බවත් එම කන්ටේනර් රථයේ පොල් තෙල් ලීටර් 28 000 අධික ප්‍රමාණයක් පවතින බවත් ඒවා මිනිස් පරිභෝජනයට සුදුසුසු ඒවාද ප්‍රවාහනය සහ ගබඩා කිරීම් සඳහා අවසරයක් ලබා ඇති ඒවාද යන්න කිසිදු ලියකියවිල්ලක් එම් පුද්ගලයන් සතුව නොමැති බව නගරාධිපතිවරයා ජාලිය ඕපාත මහතා පැවසීය.
පසු ගිය දා පාරිභෝගික අධිකාරිය මගින් දඹුල්ල නගර මධ්‍යයේ පිහිටි පොල් තෙල් අලෙවි කරන ස්ථානයක් මේ ආකාරයෙන් මුද්‍රා තබා තිබිණි. එම පොල් තෙල් ගබඩාව ද හිමිකරු මෙම පොල්තෙල් තොගය ගෙන්වා ඇති බව දඹුල්ල පොලිසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා හාස්‍යජනක පුවත්ය. යම්කිසි රටකට යම් භාණ්ඩයක් ආනයනය කළ පසුව එහි තත්ව පරීක්ෂාවන් කළ යුත්තේ වරාය පරිශ්‍රය තුල ඒවා තිබියදීමයි. එනම් ඒවා ආනයනය කල පුද්ගලයින්ට ඒවා නිදහස් කරදීමට පෙරයි. එවිට තත්වයේ යම් ගැටළුවක් තිබේ නම් නිසි පියවර ගැනීම පහසුයි. නමුත් දැන් සිදුකරන්නේ ආනයනකරුවන්ට භාණ්ඩ නිදහස් කර දී පසුව ඒවායේ තත්ව පරීක්ෂණ කිරීමයි. මේ සිදුවන ආකාරයට මෙම විෂ සහිත පොල්තෙල් මේ වනවිටත් වෙළඳ පළට නිකුත්වී ඇතුවාට කිසිම සැකයක් නැත. අනේ රටකට ගිය කලක්..
මෙවන් මාරාන්තික විහිළු දැකිය හැකි වන්නේ අමුතු ඇටයේ පමණි. සෞභාග්‍යය අත ළඟ...
සත්‍යය එළිවීම වළක්වන්න කව්රු මොන උප්පරවැට්ටි දම්මත්, මේ වනවිට අප හැමෝම විෂ පොල්තෙල් කාල ඉවරයි. නමට නිදහස ලබලා, නූගත් තකතීරු රැලක අවනීතියට යටවෙලා ජීවත්වෙනවාට වඩා සුද්දා යටතේ සිටියා නම්,හොඳයි කියලා දැන් සිතෙනවා.
මෙම භයානක ක්‍රියාව මෙතෙක් කල් දිගින් දිගට සිදුවී ඇති බව පෙනේ. දුප්පත් නීතියද? වගකීමක් නැති නිලධාරීන්ද?
අහුවුණු නරක බඩු ගෙන්නපු අයටම "අපි කියනකල් පරෙස්සමෙන් ආරක්ෂාකර ඔහෙලගේ ගුදම් වලම තියාගන්න" කියලා බාරදීලා දැන් රටපුරාම හොයනවා ඒවාට මොකද වුනේ කියලා...