අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2024 විභාගයේ ප්‍රතිඵල අද (11) අලුයම නිකුත් කර ඇත.
2024 සාමාන්‍ය පෙළ විභාගය ඉකුත් මාර්තු මස 17 වනදා සිට 26 වනදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,664කදී පැවැත්විණි. ඒ සඳහා සිසුහු 474,147 දෙනෙකු පෙනී සිටියහ.
විභාග ප්‍රතිපල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් වන https://www.doenets.lk/ සහ http://www.results.exams.gov.lk/ යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් ප්‍රතිඵල භාගත කර ගත හැකියි.
මේ අතර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම ජුලි 14වැනි දා සිට 28වනදා දක්වා සිදුකිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
නව ප්‍රතිඵලවලට අනුව සිසුන් 237,026ක් දෙනෙක් උසස් පෙළට සුදුසුකම් ලබා සිටිති.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සාපෙළ ප්‍රතිඵල නිකුත් වේ
රුවන් Friday, 11 July 2025 08:48 AM
මේ පාර සාපෙළ ප්‍රතිඵල හොදයි, ඉංග්‍රීසි 70%ක් සමත් ගණිතය නම් 69% කියන්නේ ටිකක් අඩු අගයක්. සියලුම විෂයන් අසමත් ප්‍රතිශතය 1%ට ආසන්නයි.
ගුණරත්න Friday, 11 July 2025 11:06 AM
ප්‍රවෘත්තියේ තියෙන්නේ සිසුන් ලක්ෂ 4කින් ලක්ෂ 2ක් පමණයි උසස්පෙළ කරන්න සුදුසුකම් තිබෙන්නේ කියලා. ඒ කියන්නේ 50% අසමත් නේ?
Krishna Friday, 11 July 2025 01:23 PM
මේ ප්‍රවෘත්තියට අනුව 73% ක් උ/පෙ කිරිමට සමත් නෑ.