IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


’’සෆාරි උද්‍යානයේ මස් ජාවාරමක්’’

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයේ සතුන් මස් කර විකුණන ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණයවී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නේ දැයි සමගි ජන බලවේගය පක්ෂයේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී අද (25)  ප්‍රශ්න කළේය.

ඔහු මෙසේ ප්‍රශ්න කළේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.

බුද්ධික පතිරණ මහතා මෙසේද සඳහන් කළේය.

සෆාරි උද්‍යානයේ පශු වෛද්‍යවරයෙක් හඬපටයක් සමාජ මාධ්‍යට නිකුත් කරලා තිබුණා. මේක ඇතුළේ සතුන් මස් කරලා විකුණනවා කියලා. ඒක ඇතුළේ  අයථා කටයුතු සිදුවෙනවා කියල . හිටපු වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරියත්  ඊටම  සමාන ප්‍රකාශයක් මීට කලින් කරලා තිබුණා. රිදියගම සෆාරි උද්‍යානය ගැන බරපතළ ප්‍රශ්න ගණනාවක් මතු වෙලා. ඔබතුමා මේ ගැන පරීක්ෂණයක් කරනවාද.

නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා:

අපි ඒ ගැන සොයා බලන්නම්.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා:

මේක මට අදාළ කාරණයක් නොවේ වනජීවී  ඇමැතිතුමියට අයිති කාරණයක්.මම දන්න තරමින් එතුමිය මේ සම්බන්ධයෙන්  අතිරේක ලේකම්වරකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරලා තියෙනවා.සිද්ධිය ගැන වාර්තාවක් එතුමිය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාවි.



අදහස් (4)

’’සෆාරි උද්‍යානයේ මස් ජාවාරමක්’’

himali Tuesday, 25 April 2023 10:54 AM

රිළවුන් ලක්ෂයක් චීනයට යැවීම මස් ජාවාරමක්

:       2       1

පිටිගල මිලානෝ Tuesday, 25 April 2023 11:01 AM

දැන්ද දන්නේ…? බොරු එපා හලෝ, බඩු දෙන්නේ ලේ බහින මුව වළිග කෑල්ලකුත් එක්ක අනන්‍යතාව ඔප්පු කරන්න. කතරගම යනකොට අහවල් පෙට්ටි කඩේට ඕඩරේ දීලා ගියාම, මැණික් ගගෙන් නාලා දෙයියොත් වැදපුදාගෙන ආපහු එනකොට බඩු ෂුවර්. හයිවේ එකට දාලා පෑගුවාම කොළඹට ගිහිල්ලා බයිට් එකකුත් හදාගෙන සප්පායම් වෙන්න වෙලාවත් ඉතුරුයි.

:       2       5

RandunuTuesday, 25 April 2023 12:16 PM

ඔච්චර දන්න කෙනා ඔක ජාවාරම අල්ලල නොදෙන්නෙ.. ඔයත් ඔය ජාරමට සුප්පොර්ට් කෙනෙක් ?

:       0       2

පිටිගල මිලානෝTuesday, 25 April 2023 02:50 PM

අල්ලන්න ඉන්න අයත් මේ තැන් වලින්මයි බයිට් එක උයවාගෙනම යන්නේ…

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site