( දිල්රුක්ෂි ග්‍රේරු)
සුළු වැරදි සඳහා දඬුවම් ලෙස හා ඇප කොන්දේසි සම්පූර්ණ කළ නොහැකිව දැනට බන්ධනාගාරගතව සිටින පිරිසට සහන සැලසීමේ හැකියාව සොයා බලන්නැයි නීති විශාරදයන්ට හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.
සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත වූවන් සඳහා නෛතික සහන සැලසීමට ඇති හැකියාව නිර්දේශ කිරීමට පත් කළ විශේෂ කමිටුව අද (24) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේ දී මේ උපදෙස් දෙනු ලැබීය.
ජනාධිපතිවරයා මීට පෙර බන්ධනාගාර පරිශ්‍රය නිරීක්ෂණ කළ අවස්ථාවේ රැඳවියන් එතුමාගෙන් කළ ඉල්ලීමකට අනුව සහන සැලසීමට පියවර ගැනිණි.
දැනට දඩ මුදල් ගෙවීමට හෝ ඇප මුදල් හෝ පුද්ගල ඇප ලබාදීමට අපොහොසත් රැඳවියන්ට නෛතික ප්‍රතිපාදන සැලසීමට නිර්දේශ ඉදිරිපත් කරණු පිණිස කමිටුව මාර්තු 26 වනදා ජනාධිපතිතුමා යළි හමුවීමට නියමිතය.
නීතිඥ කමිටුව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගෙන් සමන්විතය.
බන්ධනාගාර කොමසාරිස් ජයසිරි තෙන්නකෝන්, නීති කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර, නියෝජ්‍ය බන්ධනාගාර කොමසාරිස් වෙනුර ගුණවර්ධන, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස, ලේකම් කෞෂල්‍ය නවරත්න, ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර සිල්වා, නීතිඥ සුසර දිනාල් යන මහත්වරු ඇතුළු නීතිඥ පිරිසක් හමුවට එක්ව සිටියහ.
2025 නොවැම්බර් මස 17
37
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2509
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
සුළු වැරදි-ඇප කොන්දේසි සම්පූර්ණ කළ රැඳවියන්ට සහනයක්
ධම්ම Tuesday, 24 March 2020 06:14 PM
ඉතියෝපියාවේදී මා දැක්කා මෙවැනි වැරදිවලට වරදකරුවන් වූ අයගේ දෑතට මාංචු දමා ගෙදර යවන ක්‍රමවේදයක්. පළාතේ ආරක්ෂක අංශ හා පරිපාලන අංශ ඔහු පිළිබඳව වගකිවයුතුයි. මාංචු ගලවන්නේ දඬුවම් කාලය සම්පුර්ණ කල පසුවයි. මාන්චුව හොර රහසේ ගැලෙව්වොත් ඊළඟට ලැබෙන දඬුවම බරපතලයි.