ලාංකීය සිනමාවේ පළමු ක‍්‍රිකට් චිත‍්‍රපටය වූ සුනෙත් මාලිංග ලොකුහේවා අධ්‍යක්‍ෂණය කළ ”සිංහාවලෝකනය” චිත‍්‍රපටය පසුගියදා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ හොලිවුඞ්හිදී සම්මාන 4ක් හිමිකර ගැනීමට සමත්විණි. හොලිවුඞ්හි පිහිටවනු ලැබූ පළමු සිංහල චිත‍්‍රපට මණ්ඩලය වන ”ආසියානු චිත‍්‍රපට සහ නාට්‍ය පදනම” මගින් මෙම සම්මාන පිරිනැමීම සිදුකෙරිණි. මෙහිදී අධ්‍යක්‍ෂණයට හිමි විශිෂ්ඨතා සම්මානය සුනෙත් මාලිංග ලොකුහේවාටත්, නිෂ්පාදනයට හිමි විශිෂ්ටතා සම්මානය පසන් චන්ද්‍රසේකර හා රවී හාන්ස්ටත්, රංගනය වෙනුවෙන් විශේෂ කුසලතා සම්මානයක් ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායක ටී.එම්. ඩිල්ෂාන්ටත්, රංගනය වෙනුවෙන් කුසලතා සම්මානයක් චිලෝන් ජයසිංහටත් හිමිවුණි. මෙම සම්මාන උළෙලට චිත‍්‍රපටයේ සම නිෂ්පාදක පසන් චන්ද්‍රසේකර හා විධායක නිෂ්පාදක රවී හාන්ස් සහභාගි වූහ. මෙම සම්මාන දිනා ගැනීමට සමගාමීව ”සිංහාවලෝකනය” චිත‍්‍රපටය සඳහා දායකත්වය ලබාදුන් සියලූ දෙනාට ඇගැයීම් සම්මාන උළෙළක් අද (14) ශ්‍රී ලංකා ජාතික චිත‍්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී පැවැත්වෙන බව අධ්‍යක්‍ෂ සුනෙත් මාලිංග ”රසවින්දනට” පැවසීය.


2025 නොවැම්බර් මස 04
527
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2255
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1686
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිංහාවලෝකන
නිත්‍යා Wednesday, 09 January 2013 11:24 AM
සුබ පැතුම් !! (ස)