IMG-LOGO

සහල් හිඟයට විසඳුම් ආනයන කරුවන් ජනපතිට දෙයි

(මහින්ද නිශ්ශංක)

සහල් හිගයට කඩිනම් විසඳුමක් ලෙස සහල් ආනයනය කිරීමට ආනයනකරුවන්ටත් අවස්ථාව දෙන්නේ නම් දින 10 ත් 15 අතර කාලයකින් සහල් ආනයනය කර ජනතාවට බෙදා හැරීමට හැකි බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයකරුවෝ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටිති.

සහල් ආනයනය කිරීමේදී කිලෝවක් සදහා පනවා ඇති රුපියල් 65 ක් බද්ද රුපියල් 40 දක්වා අඩු කරන ලෙසත් ඉල්ලා සිටින ඔවුන් ආනයන බද්ද රුපියල් 40 දක්වා අඩු කරන්නේ නම් සහල් ගෙන්වා කිලෝවක් රුපියල් 180 ත් 185 අතර මිලකට ජනතාවට ලබාදීමට හැකි බවත් පවසයි.

රටේ පවතින සහල් හිගය දිනෙන් දින උග්‍ර වන බවත් සදහන් කරන ආනයනකරුවන් මේ වනවිට පිටකොටුව තොග වෙළෙදපොලේ ඇත්තේ දින කිහිපයකට ප්‍රමාණවත් සහල් තොගයක් බවද සඳහන් කරයි.

 



අදහස් (10)

සහල් හිඟයට විසඳුම් ආනයන කරුවන් ජනපතිට දෙයි

යෝගා Saturday, 30 November 2024 10:28 AM

කොයි සහෝදරයාගේ පරම පවිත්‍ර සාක්කුවටද කොමිස් කුට්ටිය බහින්නේ?

:       5       15

Chandima Saturday, 30 November 2024 12:06 PM

මම හිතන්නේ නම් ජනාධිපතිවරයා සහල් ආනයනයට ඉඩ නොදේවි කියලා. හේතුව ඡන්දයට පෙර එතුමා දැඩිව ප්‍රකාශ කළා. විදේස සංචාරකයින්ට අවශ්‍ය වන විශේෂ සහල් හැර දේසීය පරිභෝජනයට සහල් ඇටයක්වත් පිටරටින් ගෙන්වීමට ඉඩ නොදෙන බව. මේ කතාව අපිට නම් හොඳට මතකයි. එතුමාට මතකද නොදනිමි...!

:       4       24

seneSaturday, 30 November 2024 03:53 PM

චන්දිම, එහෙම නොවේ... සන්චාරකයින් ඔවුන්ගේ පරිබෝජනයට සහල් රැගෙන ආ යුතු බව අනුර ජනාධිපති කීවේ. හා හා දැන් කොහේද ඔව්වා මතක...?

:       4       12

ChandimaSaturday, 30 November 2024 06:19 PM

ඔව් ඔබ හරි. ප්‍රශ්නය ආන්ඩුවට බරපතළ ලෙස ඩිමෙන්ශියා රෝග ලක්ෂණ. කොස්ස අලුත් වෙද්දී හොඳට අතුගෑවෙන්න ඕනෑ. ඒත් මේ කොස්සෙන් ඒක වෙන්නෙත් නෑ. සහල්, බිත්තර ,එලවලු මාෆියාව නැතිකරන්න පිටකොන්දක් තියෙන්න ඕනෑ රජයකට.ඒත් මහා පරිමාණ සහල් මොල්කරුවන්ගෙන් ඡන්දවලට උදව් ගත්තාම කොහොමද ඔවුන්ව පාලනය කරන්නේ..? ඔක්කෝටම කළින් මිනිස්සුන්ගේ බඩට දැනෙන, පර්ස් එකට දැනෙන සහනයක් දිය යුතු නමුත් මේ වෙනතුරුත් ආණ්ඩුවට එය කළ නොහැකිවෙලා. ගැලරිය චූන් කරලා අර දේවල් වහගන්න හදන්නේ. ඡන්දෙට කලින් ලොකුවට මහාපරිමානෙන් විසිල් ගැහුවාට බල්ටි නෑ. කතාව දෝලාවෙන් වුණාට ගමන නම් පයින් වගේ...

:       5       12

janahithaSunday, 01 December 2024 08:47 AM

රටේ නිෂ්පාදන වැඩි කළ යුතුය... පාරිභෝගිකයාට අවශ්‍ය තරම් නිෂ්පාදනය නොවන්නේ නම් ඒ අලස කම නිසායි.

:       1       0

සිල්වා Saturday, 30 November 2024 01:48 PM

ඉක්මන් කොටයි. සතොස හොඳයි.

:       0       13

සුදු ඇඳගෙන කලු ඇවිදින් Saturday, 30 November 2024 04:35 PM

මේක නම් එක මෆියාවක් නවත්තන්න තව මාෆියාවකට ඉඩ දුන්නා වගේ. එහෙම නම් ආණ්ඩුව කළ යුත්තේ රුපියල් 25 ක බද්ද අඩු කරනවා වෙනුවට රුපියල් 20ක් දේශීය සහල් නිශ්පාදකයින්ට දෙන එක. පාරිභෝගිකයින් තියෙන ප්‍රශ්නය රුපියල් 225ට ගන්න හාල් නැති එක. එහෙම වුණාම හාල් නිශ්පාදකයෝ වෙළඳ පලට රුපියල් 220 ගෝ 225ට නිකුත් කරයි. රජය ඉතිරි රුපියල් 20 එයාලට දුන්නාම හරි.

:       3       10

තෙන්නකෝන් Saturday, 30 November 2024 06:25 PM

බදු මුදල 65.00 ම තිබ්බත් 205. 00 දෙන්න පුළුවන් කියලා නේද මේකෙන් පෙනෙන්නේ..? ඒ නිසා බදු අඩු නොකර තියන එක රජයට හොඳයි. ලංකාවේ කෘෂිකර්මයටත් හොඳයි.

:       1       10

pjSunday, 01 December 2024 09:22 AM

මොන දේ හොඳ වුණත් වැඩක් නැහැ... පොඩි එවුන් ඉල්ලා අඬන විට බත් කටක් දෙන්න විදිහක් නැත්නම්...

:       0       2

saki Sunday, 01 December 2024 08:43 PM

ඇයි ඔයාලාට ආනයනය කරන්න දෙන්නේ...? ඇයි ඔය විදිහට රජයකට කරන්න බැරිද? ඔබලා තමයි රට කෑවේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 22 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1558 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1685 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site