ශ්‍රි ලංකාවේ ඉදිවු ප්‍රථම සෆාරි උද්‍යානය හම්බන්තොට රිදියගම දී වනජිවි හා තිරසාර සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.
උද්‍යානය භුමි අක්කර 500 කි. උද්‍යානය වටා ආරක්ෂිත තාප්පයක් හා විදුලි වැටක් ඉදිකර ඇත.අප්‍රිකා සිංහ කලාපය අක්කර 35 ක් ද , ලෝක ශාක භක්ෂක කලාප අක්කර 80 ක් ද හා ශ්‍රි ලාංකික අලි කලාපය අක්කර 54 කින් සමන්විතය.
උද්‍යානයට පෞද්ගලික වාහන ඇතුළු වීමට අවසර නොදෙන අතර වායුසමනය කළ ශ්‍රි ලාංකික බස් සේවාවක් ක්‍රියාත්මක වේ.විදේශිය සංචාරකයන් සඳහා රුපියල් 2500ක් ද, වැඩිහිටි පුද්ගලයකුට රුපියල් 300 ක් ද, පාසල් ළමයින්ට රුපියල් 50 ක් ද,දෙමව්පියන් සමඟ පැමිණෙන ළමයින්ට රුපියල් 200 ක ටිකට්පතක් නිකුත් කරයි.
ජායාරූප - අනිෂා එස් මාගමගේ
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිංහයා බලන්න රිදීයගමට සෆාරි යන්න
සුසන්ත Wednesday, 30 March 2016 01:19 PM
සිල්වා, ඕක 2008 වැඩ පටන් අරන් ගිය අවුරුද්ද වෙද්දී සැහෙන වැඩ ඉවර වෙලා තිබුන එකක්. ලජ්ජා නැතුව බෝර්ඩ් එකේ දැන් ඉන්න අයගේ නම් ගහගෙන! විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ (බ)
සිල්වා Tuesday, 29 March 2016 09:51 AM
යහපාලනයෙන් මෙතරම් ඉක්මනට සෆාරි උද්‍යානයක් ඉදිකරලා දුන්නට තුති (බ)
යසන්ත Tuesday, 29 March 2016 05:24 AM
බොහොම සන්තෝෂයි (නි)
රොෂාන් Tuesday, 29 March 2016 05:38 AM
ලංකාවේ අපිට හොඳ අත්දැකීමක් වේවි මේක. (නි)
පාඨලී Tuesday, 29 March 2016 06:03 AM
මහින්ද කළ දේවල් ඒ විදියට ඉදිරියට ගෙනයාම ලොකු දෙයක්. (නි)
රුවන් Tuesday, 29 March 2016 06:48 AM
කවුද මේවා පටන් ගත්තේ? (නි)
ඉසුරන්දි Tuesday, 29 March 2016 06:50 AM
දැයේ දු දරුවන්ට ගස්කොළන්, සතුන්ට ආදරය කරන්න පුරුදු කළොත් අපේ මේ මවුබිමම සෆාරියක් වනු නියතයි. (නි)
ලුම්බිණි Tuesday, 29 March 2016 06:53 AM
හරි පහසු කමක් දෙන්න බැරි නම් අර දෙහිවල දුක් විඳින සතුන් ටිකත් මෙතෙන්ට ගේනවා නම් නේද හොඳ? (ර)
සම්පත් පතිරණ Tuesday, 29 March 2016 06:58 AM
මහින්ද මහත්තයා හදපු එකක්. (ර)
සංජය Tuesday, 29 March 2016 07:15 AM
අැයි විදේශිකයන්ගෙන් වැඩිපුර? ඔවුන් මනුස්සයෝ නෙමේද? මම ඉන්න දුප්පත් රටෙත් කොහෙන් අවාත එකම ගාන.(කෞ)
වසන්ජය Thursday, 31 March 2016 09:38 PM
විදේශිකයන්ගෙන් අසාධාරණ ලෙස අයකරනවා නම් එය වැරදියි. මේ වරද වහා නිවැරදි කරන්න (නි)