එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු අද (8) මහනුවර දළඳා මාළිගාවට ගොස් අනතුරුව මල්වතු අස්ගිරි මහ නාහිමියෝ හමුවිය.
ශ්‍රී ලංකාවේ සංහිඳියාව ඉහළම මට්ටමින් පවතින බවත් සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ජනයා එකමුතුව කටයුතු කරන බවත් ජනපති මරා දැමීමට පැමිණි ත්‍රස්තවාදියාට පවා සමාව දී ජනපති මෙරට සංහිඳියාව පිළිබඳ ආදර්ශ ලබාදී ඇතැයිද තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහ නාහිමියෝ සෙයිද් කුමරු හමුවූ අවස්ථාවේ පැවසූහ.
මේ අතර ගලගම අත්ථදස්සි අස්ගිරි මහ නාහිමියන් බැහැ දැකීමට සෙයිද් අල් හුසේන් කුමරු එම විහාරයට ගිය අතර එහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලයේ නිලධාරීන් මාධ්‍යවේදීන්ට එහි ඇතුළුවීමට ඉඩ නොදුන් බව මාධ්‍යවේදීහු කියති.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘සංහිඳියාව හොඳට තිබෙනවා‘
චන්දා Monday, 08 February 2016 06:49 AM
ඔබ වහන්සේ කියන කතාව හරි. ඉස්සරත් අපි දෙමළද, සිංහලද, මුස්ලිම්ද බලන්නේ නැතුව සංහිඳියව තිබුණා. දේශපාලකයන්ට විශේෂයෙන් නායකයන්ට නම් ඔය සංහිඳියාවක් තිබුණෙම නැහැ.(ම)
යසෝදරා Monday, 08 February 2016 07:22 AM
අනේද කියන්නේ සංහිදියාව උතුරනවා .(හේ)
බමුණු Monday, 08 February 2016 07:32 AM
[එහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලයේ නිලධාරීන් මාධ්‍යවේදීන්ට එහි ඇතුළුවීමට ඉඩ නොදුන් බව මාධ්‍යවේදීහු කියති.] ඔන්න සංහිඳියාව ඕකට අපි කියන්නේ ප්‍රෝඩාව කියල (බ)
දහම් Monday, 08 February 2016 08:54 AM
අස්ගිරියෙන් නම් පොඩ්ඩක් හරි ඇත්ත පෙන්වල දෙන්න ඇති. (බ)
සදුන් Monday, 08 February 2016 09:22 AM
ජාතින් අතර සංහිදියාව කොහොම වෙතත් එකම , සිංහල අය එක එකාට විරුද්ධව කුලල් කා ගන්න එකයි ලොකුම ප්‍රශ්නේ.(හේ)