(යොහාන් භාසුර)
‘සහචර ධනවාදයෙන්’ රට මුදාගැනීමට ඉදිරි ජනාධිපතිවරණයේදී ජනතාව සමඟ කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා අද (6) පැවසීය.
එම ජනාධිපතිවරණය ‘සහචර ධනවාදයෙ ඉදිරියට ගෙන යන පිරිස සහ සහචර ධනවාදය ප්‍රතික්ෂේප කරන පිරිස අතර මැතිවරණයක් බවට පත්වන බවත් බදු ඉහළ දමා, නිෂ්පාදන ආර්ථිකය විනාශ කර, රටේ ආර්ථිකයට ඇතුළු වීමට හැම පැත්තෙන්ම දොරටු විවෘත කර ඇති බවත් ඒ මහතා කීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා නාවල පිහිටි නිදහස ජනතා සභා ප්‍රධාන කාර්යාලයේදී අද (6) පැවැති මාධ්‍ය හමුවෙව්දී එසේ පැවසීය.
මෙම ක්‍රමය මීට පෙර ‘ගජමුතුරු ධනවාදය’ ලෙස හැදින්වුවද දම්ම දිසානායක මහතා මෙය ‘සහචර ධනවාදය’ ලෙස නම් කර ඇති බව කී මහාචාර්යවරයා ‘ගජමුතුරු ධනවාද’ කල්ලිය අධික පොලියට ණය ගෙන අනවශ්‍ය දේ රටට ගෙන ආ බව ද සඳහන් කළේය.
ඊළඟ ජනාධිපතිවරණයේදී සංවාද අවකාශය අත්පත් කරගත යුත්තේ ආර්ථිකය නිවැරදි කරන ආකාරය පිළිබඳ අවදානය යොමු කිරීමට බවත් පවතින ආකෘතියට ජනතාව තුළ විශාල විරෝධයක් ඇති බවත් ඒ මහතා කීය.
සාමාන්‍ය ජනතාව කන්න බොන්න නොමැතිව හූල්ලන විට ආණ්ඩුවේ පිරිස ඒ අහසේ ජෙට් යවමින් නිදහස සමරන්න බව කී ඒ මහතා මෙම තත්වය විශාල අර්බුදයකින් අවසන් වීමට නියමිත බව ද සඳහන් කළේය.
වර්තමාන ආණ්ඩුව ආර්ථික කළමනාකරණය රටේ ජනතාව සතුටු කිරීමට නොව අයි.එම්.එෆ්. කොළඹ නියෝජිතයන් සතුටු කිරීමට ක්‍රියාත්මක කරන බවත් වර්තමාන ආණ්ඩුව සහ රටේ ජනතාව අතර විශාල පරතයක් ඇති බවත් ඒ මහතා පැවසීය.
ආණ්ඩුවේ අය තමන්ටම ඇහෙන්න කථා කර තමන්ම සතුටු වෙන තත්වෙක පසුවන බව කී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසුවේ අයි.එම්.එෆ්. සතුටු වන ආකාරයට ආර්ථිකය ගෙන යෑමට ආණ්ඩුවේ ප්‍රධානීන් මිත්‍යාදෘෂ්ඨියන් බවට පත්ව ඇති බවත්ය.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘සහචර ධනවාදයෙන්’ රට මුදාගත යුතුයි
Prasanna Tuesday, 06 February 2024 04:47 PM
ඒ කියන්නේ ඔබලාගෙන් ..... අපි ඒකට සූදානම්...
abaran Tuesday, 06 February 2024 04:54 PM
මහාචාර්ය කියන්නේ වී විද්‍යාලයක තනතුරක්. දන්නා තරමින් දැන් මෙයාට එම තනතුර නැහැ. ඒ නිසා මහාචාර්ය කියලා සඳහන් නොකර සිටීම වටී... මෙයත් ඊළඟ ඡන්දෙදී ගෙදර තමයි. ආයේ මෙලෝ සම්මේදී පාර්ලිමේන්තු එන්න වෙන්නේ නැහැ. කයිවාරු මිසක් වැඩ නැති තවත් දේශපාලකයෙක්...
ලුම්බිණි Wednesday, 07 February 2024 09:39 AM
මෙයා කියන්නේ මොනවාද කියලා මෙයා දන්නේත් නැහැ...!