IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාම රිමාන්ඩ්

(උපාලි ආනන්ද)

අනුරාධපුර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න මහතතා ගමන් කළ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතා ලබන 13 වැනිදා තෙක් රිමාන්ඩ්බාරයේ රඳවා තැබීමට අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් මනෝදි හේවාවසම් මහත්මිය අද (06) නියම කළාය.

සැකකාර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතා අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිසියය කළ ඉල්ලීමක් පිළිගනිමින් සැකකරු රිමාන්ඩ් බාරයට පත් කළ මහේස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළව කරන විමර්ශන වල ප්‍රගතිය එදින අධිකරණයට වාර්තා කිරීමට රහස් පොලිසියට නියම කළාය.

මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ මෝෂමකට අනුව කැඳවනු ලැබු අවස්ථාවේදී හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහනාම මහතා අධිකරණයට ඉදිරිපත් කල අතර සිද්ධියට අදාළව කරන ලද විර්ශන වල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් සැකකකරු ඊයේ (05) කොළඹදී අත්අඩංගුවට ගත් බව දැනුම් දුන්නේය.

සැකකාර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපාලි ජයමාන්න මහතා කරුණු දක්වමින් අමාත්‍ය ටිරාන් අලස් මහතාගේත්, පොලිස්පතිවරයාගේත්, පොලිසියේ ඇතැම් උසස් නිලධාරීන් පිරිසකගේත්, බලපෑම මත අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව තම සේවාදායකයා දඩයම් කර ඇතැයි කීය. මීට පෙර අවස්ථාවකදීත් තමන් අධිකරණයට දැනුම් දුන්නේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට තම සේවාදායකයා සම්බන්ධ බව මේ දක්වා කළ කිසිදු විමර්ශනයකදී කරුණු අනාවරණ වී නැතැයිද එවැනි පසුබිමක තම සේවාදායකයා සිද්ධියේ සැකකරුවකෙු ලෙස නම් කලේ කේසේදැයි? ප්‍රශ්න කළ නීතිඥ උපාලි ජයමාන්න මහතා විරන්ජිත් තාඔුගල නැමැත්තෙකුගෙන් නීතිය හා සාමය පිළිබද අමාත්‍යවරයා සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් රුපියල් කෝටි 30කට අධික කප්පම් මුදලක් ඉල්ලීමේ සිද්ධියකට අදාළ නඩුවක් පවතින්නේ යැයිද කීය.

කප්පම් ඉල්ලීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් නීතියේ රැහැනට හසු කර ගැනීමට තම සේවාදායකයාද සහය දක්වා ඇති බවත් ඒ හේතුව මත නීතිය බාර අමාත්‍යවරයා සහ පොලිස්පතිවරයා මෙන්ම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් පළි ගනිමින් සිටින්නේ යැයිද කී  නීතිඥ උපාලි ජයමාන්න මහතා මෙම වෙඩි තැබීම තුලින් තමා මරා දැමීමට උත්සහ කල බවට හෝ තම මෝටර් රථයට හානි සිදු වූ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න මහතා පවසාා නැති පසුබිමක පසුබිමක තම සේවාදායකයාට එරෙහිව මිනී මැරුම්, අනර්ථය කිරීම සහ ආධාර අනුබල දීමේ චෝදනා එල්ල කරන්නේ කුමණ පදනමක් මතද? ප්‍රශ්න කළේය.

මෙම සිද්ධියේ මුල සිටිම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වරින් වර පරස්පර කරුණු ඇතුලත් වැඩිදුර වාර්තා අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් එවැනි වැඩිදුර වාර්තා ලෝකයේ කිසිදු රටක දක්නට නැති බවත් තම සේවාදායකයා අපක්ෂපාති ස්වාධීන පරික්ෂණයක් ඉල්ලා සිටින බවත් අවධාරණය කල නිතිඥ උපාලි ජයමාන්න මහතා මෙම සිද්ධියෙන් තම සේවාදායකයා මුදා හරින්නැයි ඉල්ලා සිටයේය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙවව් නිලධාරීන් කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශන වල ප්‍රගතිය දැනුම් දීමට දිනයක් දෙන්නැයි ඉල්ලා සිටියේය.

සැකකකරු ඇප මත මුදාහරින්නැයයි කළ ඉල්ලීම ප්‍රතික්‍ෂෙප කරමින් සැකකරු ලබන 13 වැනිදා තෙකක් රිමාන්ඩඩ් බාරයටපත් කළ මහෙස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළව කරන විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කිරමට රහස් පොලිසියට නියම කළාය.

පැමිණිල්ල වෙනුවනේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත මිනී මැරුම් විමර්ශන කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඉන්දුක ද සිල්වා මහතාගේ උපදෙස් මත පොලිස් පරික්ෂක සිරිවර්ධණ මහතා පෙනී සිටියේය.

සැකකාර සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම වෙනුවෙන් නීතිඥ ඉසුරි ලියනගේ සහ මදාරා විජේසිංහ සහ සුසිල් සිරිවර්ධණ යන මහත්ම මහත්මීන් සමඟ නීතිඥයින් වන උපාලි ජයමාන්න සහ රංජිත් රාජකරුණා යන මහත්වරුන් පෙනී සිටියහ.



අදහස් (2)

සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාම රිමාන්ඩ්

sam Saturday, 07 September 2024 06:28 AM

මෙයා පොලිස් දෙපාර්තමේන්තුවට ලැජ්ජාවක්.. මේවගේ හොර, තක්කඩි, හාල්පාරුවන් පොලිසියට බඳවා ගත්තු එකනේ වැරැද්ද... මෙයා මේ වගේ තව කොපමණ හොරවැඩ, සල්ලිවලට දූෂණ, භීෂණ කරලා ඇද්ද? ජාතකේ වැරැද්ද...!

:       0       4

Nimal Saturday, 07 September 2024 08:07 AM

බල්ලොත් එක්ක නිදා ගත්තොත්, මැක්කොත් එක්ක ඇහැරෙන්නේ...!

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 112 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site